ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේ අද (20 වැනිදා) පැවැති කිලෝ ග්‍රෑම් 48 බර පංතියේ කාන්තා තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ දිනූෂා ගෝමස්, උත්සාහයන් තුනම අසාර්ථක වීම නිසා එම බර පංතියේ අවසන් ස්ථානයට පත් වූවාය.
එහිදී කිලෝ ග්‍රෑම් 67 ක බරක් එසවීම සඳහා ඇය ගත් උත්සාහයන් තුනම අසාර්ථක විය. ඒ අනුව එම තරගයට සහභාගි වූ ක්‍රීඩිකාවන් 12 දෙනා අතරින් අවසන් ස්ථානයට පත්වීමට ඇයට සිදුවූවාය.
කොරියාවේ සොං ගුම් එම බර පංතියේ රන් පදක්කම දිනාගත් අතර එහි රිදී පදක්කම ඉන්දුනීසියාවේ වයුනි අගුස්ටියානි විසින්ද, ලෝකඩ පදක්කම තායිලන්තයේ තුන්‍යා සක්චරෝන් විසින්ද හිමිකරගනු ලැබූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.