අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායම සහ දෙබරවැව ජාතික පාසල අතර දෙබරවැව ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දෙබරවැව ජාතික පාසල සමත් විය.
එහිදී දෙබරවැව ජාතික පාසලේ සංදීප මුතුකුමාරණ ලකුණු 40 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලු දෙනා දැවී 121
(සසිඳු සිරිවර්ධන 31, ඩබ්.බී. සේමික 23/3, සංදීප මුතුකුමාරණ 40/4, ඔෂාන් තේනුක 34/2)
දෙබරවැව ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 8 ක් දැවී 122
(ඩබ්.බී. සේමික 27, රෂ්මික නෙත්සර 23, විකුම් නෙත්සර 20, විකුම් ප්‍රභාෂ්වර 32/3, මිහින් සමරසේකර 23/2)
ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ පිලේ දෙවැනි ඉනිම - ඕවර 8 කදී කඩුල්ලක් දැවී 52
(මිහින් සමරසේකර නොදැවී 27)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.