Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුන්නෙන් විදීමේ තරග හෙට සිට

දුන්නෙන් විදීමේ තරග හෙට සිට

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ගුවහටි සහ ශිලෝන් යන නගර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන XII වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක දිනයේදීම (5) දුන්නෙන් විදීමේ තරගාවලියේ ඉසව් ආරම්භවේ. තරගාවලියේ සමාරම්භක උළෙල පැවැත්වෙන දිනය වන හෙට කී‍්‍රඩා ඉසව් නොපැවැත්වීම සාමාන්‍යය දෙයක් වුවත් දුන්නෙන් විදීමේ සහ කාන්තා පාපන්දු තරග පමණක් හෙට පැවැත්වේ.


සාග් කී‍්‍රඩා උළෙලේ දුන්නෙන් විදීමේ තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 15 දෙනෙක් සහභාගිවෙති. මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් අට දෙනකුට දකුණු කොරියාවේදී විශේෂ පුහුණු ක`දවුරකට සහභාගිවීම අවස්ථාව ද හිමි විය. එමෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කොරියානු ජාතික පුහුණුකරු ලී චන්ග් වුන්ග් මහතා යටතේ පුහුණු කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් දිගින් දිගටම පුහුණුවීම්වල නිරතවිය.


අවසන් වරට 2010 වසරේ ඩකා නුවරදී පැවැති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දුන්නෙන් විදීමේ තරගාවලියේ කණ්ඩායම් කාන්තා ඉසව්වේ රිදී පදක්කම ශ‍්‍රී ලංකාවට හිමිවිය.


ශ‍්‍රී ලංකා දුන්නෙන් විදීමේ කණ්ඩායම:


පිරිමි


ඉන්ද්‍රනාත් පෙරේරා, සුනෙත් චන්දන, සජිව් ද සිල්වා, නිපුන් සංගීත් සෙනෙවිරත්න, උදය ඉන්ද්‍රජිත්, කනිෂ්ක වීරසිංහ, දුෂ්‍යන්ත තෙල්වසාන්,


කාන්තා


අනුරාධා විජේසිංහ, දිල්හාරා සල්ගාදු, ශෂිකලා කුමාරසිංහ, සුචිනි අබේසිරි, වයි.එම්. මල්ලිකා, සුනේත‍්‍රා සෙනෙවිරත්න, රෙහානා තබෙල්ලි,

රජීවා වික‍්‍රමසිංහ


කේසර සේරසිංහ මහතා (පුහුණුකරු), ලී චන්ග් වුන්ග් මහතා (කොරියානු ජාතික පුහුණුකරු)


-090

 


අදහස් (0)

දුන්නෙන් විදීමේ තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.