Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දසුන්ගේ මිත්තණියට තුවාල

දසුන්ගේ මිත්තණියට තුවාල

ශනුක අරවින්ද - 2019 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ අද (21) පෙරවරුවේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දසුන් ශානකගේ මිත්තණිය (මවගේ මව) තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන්නීය. මෙම සිද්ධියෙන් දසුන්ගේ මවද කම්පනයට පත්ව රාගම රෝහලේ ප්‍රතිකාර ලබා අද පස්වරුවේ නිවසට පැමිණ තිබේ.

දසුන්ගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසක් දේව මෙහෙයට සහභාගි වෙමින් සිටියදී මෙම සිද්ධියට ලක්ව තිබේ. දසුන් ශානක මීගමුවේ දේවමෙහෙයට සහභාගි වී නොමැත.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් කිසිවකුට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයකුට අනතුරන් වී නොමැති බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.


අදහස් (0)

දසුන්ගේ මිත්තණියට තුවාල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.