Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දඹුල්ල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

දඹුල්ල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Nisanka Sandeepani - 2018 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 4 ක අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 4 ක් ලබාගත් දඹුල්ල කණ්ඩායම සමත්විය. තරග 2 කට සහභාගීවූ දඹුල්ල කණ්ඩායම තරග දෙකම ජයගැනීමට සමත්විය.

තරග 2 කට සහභාගිවී තරග 2 ම ජයගත් කොළඹ කණ්ඩායමද ප්‍රසාද ලකුණු 4 ක් ලබාගෙන සිටියද දළ ලකුණු ලබාගැනීමේ වේගය මත දඹුල්ල කණ්ඩායම (2.825) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණි අතර කොළඹ කණ්ඩායම (2.250) දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

මහනුවර සහ ගාල්ල කණ්ඩායම් තරග 2 කට සහභාගිවී තරග 2 ම පරාජයට පත්වූ අතර දළ ලකුණු ලබාගැනීමේ වේගය මත මහනුවර කණ්ඩායම (-0.450) තෙවැනි ස්ථානයටත්, ගාල්ල කණ්ඩායම (-4.625) සිවුවැනි ස්ථානයටත් පත්විය.

තවත් තරග 4 ක් හෙට (25) සහ අනිද්දා (26) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දිවා සහ රාත්‍රී ලෙස තරග පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

ක්‍රිඩාලෝලීන් හට සියලුම තරග නොමිලේ නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසා ඇත.

 


අදහස් (0)

දඹුල්ල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.