Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිලංකගේ උත්සාහයන් තුනම අසාර්ථක වෙයි

තිලංකගේ උත්සාහයන් තුනම අසාර්ථක වෙයි

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේ අද (21 වැනිදා) පැවැති කිලෝ ග්‍රෑම් 62 බර පංතියේ පිරිමි තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ තිලංක කුමාර, උත්සාහයන් තුනම අසාර්ථක වීම නිසා එම බර පංතියේ අවසන් ස්ථානයට පත් විය.  

එහිදී ඔහු කිලෝ ග්‍රෑම් 122 ක බරක් එසවීම සඳහා උත්සාහයන් දෙක මෙන්ම කිලෝ ග්‍රෑම් 125 ක බරක් එසවීම සඳහා ගත් උත්සාහයද අසාර්ථක විය. ඒ අනුව එම තරගයට සහභාගි වූ ක්‍රීඩකයන් 14 දෙනා අතරින් අවසන් ස්ථානයට පත්වීමට තිලංකට සිදුවිය. 

ඉන්දුනීසියාවේ ඉරවාන් යූලි එම බර පංතියේ රන් පදක්කම දිනාගත් අතර එහි රිදී පදක්කම වියට්නාමයේ ටි්‍රන් වැන් වින් විසින්ද, ලෝකඩ පදක්කම උස්බැකිස්තානයේ ඉර්ගසෙව් අඞ්ඛාම්ජොන් විසින්ද හිමිකරගනු ලැබූහ. 

-036 


අදහස් (0)

තිලංකගේ උත්සාහයන් තුනම අසාර්ථක වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.