Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටේප් බෝල් කි‍්‍රකට් සභාපති මැල්කම්

ටේප් බෝල් කි‍්‍රකට් සභාපති මැල්කම්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ටේප් බෝල් සංගමයේ වාර්ෂික මහා සභා රැුස්වීම සහ නිලවරණය පසුගියදා පැවැති අතර එහිදී 2014/15 වසර සඳහා නව සභාපතිවරයා ලෙස මැල්කම් පෙරේරා මහතා නිතරගයෙන් තේරී පත්විය.  ලේකම් ධුරය සඳහා අනුර රත්නායක මහතාද භාණ්ඩාගාරික තනතුර සඳහා සමන් ගේ‍්‍රරු මහතාද තේරී පත්විය.

පකිස්තානයෙන් ආරම්භ වූ ටේප් බෝල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව මේ වන විට බංග්ලාදේශය, මාලදිවයින, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, දකුණු අප‍්‍රිකාව, ඇමරිකාව ආදී රටවල් ගණනාවක ප‍්‍රචලිත වී තිබ්.

සාමාන්‍ය රබර් පන්දුවේත් ටෙනිස් පන්දුවේත් හැසිරිම් රටාවේ අඩු ලූහුඩුකම් මග හරවා ගැනීමට ගත් වෑයමක ප‍්‍රතිඵලයක් ලෙස මෙම ටේප් බෝල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ආරම්භ විය. එහිදී ක‍්‍රීඩකයන්ගේ ආරක්‍ෂාව සඳහා ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය වූ නව ක‍්‍රිකට් උපකරණ කට්ටලද හදුන්වා දී තිබේ.

ටෙනිස් පන්දුවේ මතුපිට නියමිත සැලැස්මකට අනුකූලව යම් කිසි වර්ගයක ඇලෙන සුලූ පටි තීරු වලින් (බොහෝ විට විදුලියෙන් ආරක්ෂාවිම සඳහා ප‍්‍රයෝජනයට ගැනෙන පටි) වෙලා ගැනීම තුළින් සාමාන්‍ය ටෙනිස් පන්දුවට වඩා වැඩි බරක් සහ ඇදීයාමක් ඇති වන පරිදි ටේප් බෝල් පන්දුව නිර්මාණය කර තිබේ.

මෙම පන්දුව බිම පතිත වූ විට ටෙනිස් පන්දුවට වඩා ඉහළට නැගීමක් සිදුවන අතර වැඩි වේගයක් රදවා ගැනීමටද වේග පන්දු යවන්නන්ට මෙමගින් හැකියාව ලැබේ.

ලෙදර් පන්දුව මෙන් පන්දුව වටා දිවෙන අමතර පටි තීරුවකින් නිර්මාණය කෙරෙන මූට්ටුව ඇති නිසා පන්දුව දෝලනය කිරීමට මෙන්ම දග පන්දු යවන්නන්ටද ඉන් වාසියක් ලැබේ. එමෙන් පිතිකරුවන්ටද තාක්ෂණය උපයෝගි කරගෙන පන්දුවට පහරදීමට මෙම ටේප් පන්දු ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී හැකි වේ.


- 033


අදහස් (0)

ටේප් බෝල් කි‍්‍රකට් සභාපති මැල්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.