Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජොශුවා - මේදිරා 16 න් පහළ කේවල ශූරතා දිනති

ජොශුවා - මේදිරා 16 න් පහළ කේවල ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී මේ දින වල පැවැත්වෙන ජාතික ටෙනිස් ශූරතාවලියේ කනිෂ්ඨ අංශයේ වයස 16 පහළ කේවල ශූරතා දිනාගැනීමට ජොශුවා ජයරත්න සහ මේදිරා සමරසිංහ සමත්වූහ.

වයස 16 න් පහළ බාලක අවසන් මහා තරගයේදී තරග වට 2-1 ක් ලෙස සවිත් වීරසිංහ පරාජය කරමින් ජොශුවා ජයරත්න එම ශූරතාවට හිමිකම් කී අතර වයස 16 න් පහළ බාලිකා අවසන් මහා තරගයේදී තරග වට 2-0 ක් ලෙස හසිඳි ලොකුගේ පරාජය කරමින් මේදිරා සමරසිංහ එම ශූරතාවට හිමිකම් කීවාය.

මේ වන විට වයස 16 න් පහළ බාලිකා ශූරතාවට අමතරව වයස 18 න් පහළ බාලිකා ශූරතාවද දිනා සිටින මේදිරා සමරසිංහ, විවෘත කාන්තා කේවල තරගයේ අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබාසිටින්නීය.

එහිදී ඇය සහභාගීවන අවසන් පූර්ව තරගය ටෙනිස් ශේ‍ණිගත කිරීම් වල අංක එකේ පසුවන කී‍්‍රඩිකා අම්රිතා මුත්තයියා සමගින් පැවැත්වීමට නියමිතය.
 

වයස 16 පහළ බාලක අවසන් තරගය
ජොශුවා ජයරත්න විසින් තරග වට 2-1 ක් ලෙස සවිත් වීරසිංහ පරාජය කරන ලදි. (6/2, 6/7, 7/5)

වයස 16 පහළ බාලිකා අවසන් තරගය
මේදිරා සමරසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස හසිඳි ලොකුගේ පරාජය කරන ලදි. (6/2, 6/1)

 


අදහස් (0)

ජොශුවා - මේදිරා 16 න් පහළ කේවල ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.