Last Update  :  2021-09-16 19:43:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජොකොවික් පළමු කඩයිම පනී

ජොකොවික් පළමු කඩයිම පනී

editorial - 2021 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ටෝකියෝ ඔලිම්පික් උ‍ළෙලේදී තමා සහභාගි වූ පළමු තරගය පහසුවෙන්ම ජයගනිමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන සර්බියාවේ නොවැක් ජොකොවික් සමත් විය. පළමු වටයේදී බොලීවියාවේ ඩෙලීන් හූගෝ එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමින් ඔහු දෙවැනි වටයට පිවිසියේය.

 පළමු වටයේදී ලකුණු 6/2 ක් ලෙස හූගෝ පරාජය කළ ‍ජොකොවික්, දෙවැනි වටයෙන්ද ලකුණු 6/2 ක ජයක් ලබමින් වට 2-0 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය. දෙවැනි වටයේදී ඔහු ජර්මනියේ ස්ට්‍රෆ් ජැන්-ලෙනාර්ඩ්ට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

ඔලිම්පික් උ‍ළෙලේ ටෙනිස් පිරිමි කේවල ඉසව්වේ පළමු වටය සඳහා ක්‍රීඩකයෝ 64 දෙනෙක් සහභාගි වී සිටිති. එබැවින් මෙම තරගයෙන් අනතුරුව රන් පදක්කම කරා යන ගමනේදී ජොකොවික්ට 32 දෙදෙනාගේ වටය, 16 දෙනාගේ වටය, අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් පූර්ව වටය යන කඩයිම් 4 පසුකිරීමට සිදුවනු ඇත.

මෙම වසර (2021) තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා තුනක් ‍ජයගෙන සිටින ජොකොවික්ට සෙසු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය වන ඇමරිකානු විවෘත ශූරතාවලිය සහ ඔලිම්පික් රන් පදක්කමද ජයගනිමින් ‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවකට හිමිකම් කීමේ අවස්ථාව තිබේ.  මින් පෙර පෙබරවාරි මාසයේදී පැවැති ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලිය, ජූනි මාසයේදී පැවති ප්‍රංශ විවෘත ශූරතාවලිය මෙන්ම ජූලි මාසයේදී පැවැති විම්බල්ඩන් ශූරතාවලියද ජය ගැනීමට ජොකොවික් සමත්ව සිටියි.

 ‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවක් යනු එක් වසරක් තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 ක් සහ ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමය. ටෙනිස් ඉතිහාසයේ මින් පෙර එවන් දස්කමක් දක්වා ඇත්තේ ‍ජර්මනියේ ස්ටෙෆි ග්‍රාෆ් පමණි. 1988 වසරේදී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 මෙන්ම ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමටද ඇය සමත් වූවාය.

මේ වන විට ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශුරතා 2 ක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් දිනා සිටින ජොකොවික්, ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා ලෙස ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග සම වාර්තාවකට හිමිකම් කියයි.


 

-036

 


අදහස් (0)

ජොකොවික් පළමු කඩයිම පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.