ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන ජාතික රට හරහා දිවීමේ තරගය හෙට (30) පස්වරු 4.00 ට බියගම සියඹලාපේ හන්දිය අසළින් ආරම්භ වේ. විවෘත පිරිමි හා කාන්තා දෙඅංශයෙන්ම පැවැත්වෙන මෙම තරගයේ සමස්ත දුර ප‍්‍රමාණය කිලෝමීටර 11 කි.
දිවයිනේ ඕනෑම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවකට සහභාගිවිය හැකි මෙම තරගය ස`දහා දැනටමත් තරගකරුවන් 50 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇතැයි ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ලේකම් සුනිමල් රූපසිංහ මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
මෙම තරගය ජය ගන්නා ක‍්‍රීඩකයාට සහ කී‍්‍රඩිකාවට පෙබරවාරී මස 29 වැනිදා බහරේන්’හි පැවැත්වෙන ජාත්‍යන්තර රට හරහා දිවීමේ තරගයට සහභාගිවීමේ අවස්ථාව හිමිවේ.
ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සහ ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.