ශ්රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය මේ මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්රීඩාංගණයේදී පැවැත්වේ.
වයස අවුරුදු 18 ත් 40 ත් අතර පසුවන ආධුනික, අතරමැදි, ස්ටැබ්ස් පළිහ සහ ජාතික කණිෂ්ට බොක්සිං තරගාවලි වලදී ජයග්රහණ ලැබූ තරගකරුවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගිවිය හැකිය.
මෙවර තරගාවලිය සඳහා මාස් ස්ලිම්ලයින්, මාස් සදර්න්, යුනිචෙලා, සිලුවේටා සහ ලීනියා යන ක්රීඩා සමාජද, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලිසියද, දිවයින පුරා පාසල් රැසක්ද නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවෝ සහභාගි වෙති.
පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම බර පංති 10 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග්රාහක ජයග්රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමේ. ඊට අමතරව දක්ෂතම ක්රීඩකයා, දක්ෂතම පරාජිතයා, දක්ෂතම ක්රීඩිකාව සහ දක්ෂතම පරාජිත ක්රීඩිකාව සඳහාද කුසාලන පිරිනැමීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.