Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාමල් පතිරගේ
නව ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ සභාපති ධූරය පත් කිරීමේදී පැන නැගී තිබෙන අර්බුදකාරී තත්වයක් හේතුවෙන් එහි සාමාජික ඊ.එම්.එල්.සී.ඒකනායක මහතා කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු කමිටුවේ සභාපති ධූරයට නිර්දේෂ වී සිටියත් ඒ සදහා උදේනි විජේතුංග මහත්මිය පත් කිරීමත් සමග කමිටුවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ අනුමැතිය ලැබුණු පංච පුද්ගල වොලිබෝල් ජාතික නව තේරීම් කමිටුව ඒකනායක මහතාගේ ඉල්ලා අස්වීමත් සමග එය මේ වන විට සිව් දෙනෙකුට සීමාවී තිබේ. ක්‍රිෂාන්ති ජයවර්ධන, මංගලිකා වසන්ති කුමාරී, හා පාලිත නාපාගොඩ යන මහත්ම මහත්මීන් නව තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
කමිටුවෙන් ඉවත්වූ ඒකනායක මහතා සභාපති ධූරයට තමන් පළමුවෙන් යෝජනා වී තිබියදී ඇතිවූ තත්වය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ. ඔහු කමිටුවට සාමාජිකයන් නිර්දේෂ කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයිද වොලිබෝල් ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරයි.
ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් යොමු කරන ලද අපේක්ෂක නාම යෝජනා මාලාවෙන් ඉහත තේරීම් නිර්දේශ කරමින් එය ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියට යොමු කර තිබේ.
කෙසේවූවත් නව තේරීම් කමිටුව සිවු දෙනකුට සීමාවූවත් බංග්ලාදේශයේදී ඔක්තෝබර් 21 වැනිදා ආරම්භ වන මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කිරීමට ඊයේ (2) පියවර ගත් බව වාර්තාවේ.
නව සභාපතිනී උදේනි විජේතුංග මහත්මිය මීට පෙර වොලිබෝල් ජාතික තේරීම් කමිටුවේ සාමාජිකාාවක්ව ලෙස කටයුතු කර තිබෙන ශ්‍රී ලංකා වොලිබෝල් (කාන්තා) කණ්ඩායමේ හිටපු නායිකාවකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.