Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාමල් පතිරගේ
ජනාධිපති- ඩයලොග් රන් කුසලාන වොලිබෝල් (කාන්තා හා පිරිමි - 2025) තරගාවලියේ ජාතික වටය කණ්ඩායම් 36 කගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 11 - 12 -13 යන දිනවල නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.ඒ සදහා පළත් තරග වටයෙන් නිර්දේශ ලැබූ කාන්තා හා පිරිමි කණ්ඩායම් එසේ ජාතික තරග වටයට තරග වදියි.
එහි අවසන් මහ තරග කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී ලබන නොවැම්බර් මුල් සතියේ දිනක පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අතර ලබන ඔක්තෝබර් 25 වැනිදාට කණ්ඩායම් වෙතින් ඇයැදුම්පත් බාර ගැනීම අවසන් කෙරෙන ජාතික ශූරතා මංචි කුසලාන වොලිබෝල් තරග මාලාව නව මුහුණුවරකින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති හා එහි මූල්‍ය කමිටුවේ ප්‍රධානී මහින්ද බන්ඩාර මහතා පවසයි.
එහිදී ආධුනික කාන්ඩය විවෘත තරගාවලියක් ලෙස සංවිධානය කෙරෙන අතර ඒ සදහා 2023 - 24 - 25 යන පසු ගිය වසර තුනක කාලයක් ජාතික කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය නොහැකිය.
එහි සුපිරි ලීග් කාන්ඩයට දිවයිනේ ප්‍රබළතම කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් අටක් බැගින් තරග වදියි.බන්ඩාරගම ගෘහස්ථ පිටියේදී ජාතික තරගාවලිය ලබන දෙසැම්බර් 2 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.ජාතික වටයට කණ්ඩායම් 36 ක්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.