
(නාමල් පතිරගේ)
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (21) නිමාවූ 35 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව මහනුවර දිස්ත්‍රික්කය විසින් දිනා ගන්නා ලදී. ඒ වසර ගණනාවක්ම මෙම ශූරතාව දිනා සිටි ගම්පහ දිස්ත්‍රික්කය මෙවර අනුශූරතාවට සීමා කරමිනි.
එහිදී මහනුවර දිස්තික්කය ක්‍රීඩා උළෙල පුරා ලකුණු 174 ක් ලබා ගත් අතර ගම්පහට හිමිවූයේ ලකුණු138 කි. දියගමදී ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය දින තුනක් පුරා පැවැති අතර එහිදී ක්‍රීඩා උළෙලේ තෙවැනි ස්ථානය ලකුණු 88 කට අත් කර ගත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය මෙවරත් ක්‍රීඩා උළෙල සංවිධානය කළේය. මෙවර ක්‍රීඩා උළෙලේ විශේෂත්වයක් ගත්තේ මෙතෙක් මලල ක්‍රීඩා ඉසව් සදහා හඳුන්වාදී තිබූ වයස 20 න් පහළ හා වයස 20 න් ඉහළ යන කාණ්ඩ දෙක අහෝසි කරමින් වයස 29 න් පහළ ලෙස එකම කාණ්ඩයකින් පමණක් පැවැත්වීමයි.
නව මලල ක්‍රීඩා වාර්තා හතක් මෙවර තරගාවලියේදී බිහි වුණි. 35 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා දක්ෂතම ක්‍රීඩිකාව වූයේ මීටර 400 (කාන්තා) ඉසව්වෙන් තත්පර 54.12 කට නව වාර්තාවක් බිහි කළ ගම්පහ දිස්ත්‍රික්කයේ සයුරි ලක්ෂාණී මෙන්ඩිස්‍් ය. තුන්පිම්ම (පිරිමි)ඉසව්වෙන් මීටර 16.11ක දක්ෂතාවයක් දක්වමින් එහි නව වාර්තාවක් පිහිටුවූ කේ.ඒ.පී. මල්ෂාන් මෙවර දක්ෂතම මලල ක්‍රීඩකයාට සම්මාන දිනීය.
ඔවුන්ට තරුණ සේවා සභාව විසින් රුපියල් මිලියනයක් බැගින් වටිනා යතුරු පැදි දෙකක් ප්‍රදානය කෙරුණි.
ඒ අතර සමස්ත ශූරතාව දිනූ මහනුවරට රුපියල් ලක්ෂ දෙකක්දලඅනුශූරතාව ලද ගම්පහට රුපියල් 150000 ක්ද හා තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂයක්ද ප්‍රදානය කෙරුණි.
කවපෙත්ත විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් ෂිවකුමාර් පිරගස් රාජ් (යාපනය - මීටර 46.52), මීටර 400 (පිරිමි) ඉසව්වෙන් ආර්.පී.ඉසුරු ලක්ෂාන් (නාගරික තරුණයා - තත්පර 46.67), මීටර 200 (කාන්තා) ඉසව්වෙන් ජිත්මා ෂෙනාලී (ගම්පහ - තත්පර 24.56, තුන් පිම්ම (කාන්තා) ඉසව්වෙන් නෙත්මිකා මධුෂානි (මොනරාගල - මීටර 12.94), හා මීටර 400 x 4 - (කාන්තා) ඉසව්වෙන් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම (විනාඩි 3. තත්පර 50.07)එම නව වාර්තා පිහිටුවූවෝ වෙති.
ෂෙහාරා කරුණාරත්න, ජිත්මා ෂෙනාලී, දිල්හාරා නෙත්මිණී, සයුරී ලක්ෂිමා මෙන්ඩිස් යන ක්‍රීඩිකාවන්ගෙන් ජයග්‍රාහී ගම්පහ කණ්ඩායම සමන්විත විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.