Last Update  :  2025-12-29 15:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර හමුදා ධාවනය ඉරිදා

ජාත්‍යන්තර හමුදා ධාවනය ඉරිදා

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර හමුදා කී‍්‍රඩා සභා ධාවනය ලබන ඉරිදා (22) පෙරවරු 6.15 ට කොළඔ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් කී‍්‍රඩාංගණය ඉදිරිපිටින් ආරම්භ කෙරේ. මෙම ධාවනය කිලෝ මිටර් 4 කින් සමන්විත වේ.

ඒ සදහා යුද හමුදාපති ජෙනරල් දයා රත්නායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් පෙරේරා සහ වර්ථමාන ආරෂක සේවා කී‍්‍රඩා සභාවේ ප‍්‍රධානි ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක යන මහත්වරුන්ද සහභාගිවිමට නියමිතය.

‘කී‍්‍රඩාව තුළින් මිත‍්‍රත්වය’ යන්න තේමා පාඨය කරගත් ජාත්‍යන්තර හමුදා කි‍්‍රඩා සභාව 1948 වසරේ පෙබරවාරි 18 වැනිදා ආරම්භ කර තිබේ. මේ වන විට එය ලෝකයේ විශාලතම බහුවිධ සංවිධානයක් බවට පත් වී තිබේ.


- 036


අදහස් (0)

ජාත්‍යන්තර හමුදා ධාවනය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.