ප්‍රවීණතම ක්‍රීඩා මාධ්‍යවේදියකු වූ සුනිල් අභයවර්ධන මහතා අද (26) අභාවප්‍රාප්ත විය. මියයන විට 69 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා විද්‍යුත් හා මුද්‍රිත යන මාධ්‍ය අංශ දෙකේම කටයුතු කළ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩා මාධ්‍යවේදියකු වන සුනිල් අභයවර්ධන මහතා කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද දහවල් අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වත්තල ප්‍රාදේශීය වාර්තාකරු ලෙස 1960 දී මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ අභයවර්ධන මහතා මියයන තුරුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය රැසක මේ දක්වා සේවය කරමින් සිටියේය.
‘ශ්‍රී ලංකාදීප’ පුවත්පතේ ක්‍රීඩා වාර්තාකරු ලෙසින් මුද්‍රිත මාධ්‍ය අතරට එක්වූ අභයවර්ධන මහතා පසුව ලේක් හවුස් ආයතනයේ ‘ක්‍රීඩා’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයකු ලෙසින්ද, දිවයින පුවත්පතේ කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩා වාර්තාකරු ලෙසින්ද, ‘රිවිර.’ පුවත්පතේ උපකර්තෘවරයකු ලෙසින්ද, ලක්බිම පුවත්පතේ මාණ්ඩලික ක්‍රීඩා වාර්තාකරුවකු ලෙසින්ද කටයුතු කළේය.
ඒ අතර ඔහුගේ මාධ්‍ය දිවියේ සුවිශේෂිත සිදුවීමක් වන්නේ ඔහු 1960දී සිට මිය යන තෙක්ම ගුවන් විදුලි සංස්ථාවේ වත්තල ප්‍රාදේශීය වාර්තාකරු ධූරය දැරීමය.
දක්ෂ නිවේදකයකු මෙන්ම දක්ෂ ක්‍රීඩා විචාරකයකු ලෙසත් ක්ෂේත්‍රයේ කටයුතු කළ ඒ මහතා එෆ්.එම්. ගුවන් විදුලි සේවා ගණනාවකද පසු කාලයේ ක්‍රීඩා වාර්තාකරුවකු ලෙස ද කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සුභසාධන නිලධාරියකු ලෙසද කලක් සේවය කර ඇත. විශ්‍රාමික විදුහල්පතිනි පත්මිණී අභයවර්ධන මහත්මිය ඔහුගේ බිරියයි.
අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (29) හැඳල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ. දේහය වත්තල, කෙරවලපිටිය, මාටාගොඩ පාරේ අංක 200/4, දරන නිවසේ තැන්පත් කර තිබේ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.