Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනිත් බී.එම්.එස්. පිලට ජය ගෙනෙයි

ජනිත් බී.එම්.එස්. පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනිත් ලියනගේගේ විශිෂ්ට පිතිහරඹයත් (66) විශිෂ්ට පන්දුයැවීමත් (06/7) හමුවේ රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේදී සිම්බාබ්වේ විද්‍ය සහ තාක්ෂණ පිළිබඳ ජාතික විශ්ව විද්‍යාල පිලට එරෙහිව ලකුණු 151 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් පිල අද (26 වැනිදා) සමත්විය. මෙම තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 179 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ ජනිත් ලියනගේ පන්දු 31 කදී ලකුණු 66 ක් රැස්කළ අතර ඊට හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය. මාලින්ද මදුරංග ලකුණු 39 ක් සහ හෂාන් දුමිඳු ලකුණු 25 ක් රැස්කරමින් ව්‍යාපාර කළමණාකරන පාසල් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

හෂාන් දුමිඳු (25) සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 53 කදී ලකුණු 94 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ජනිත් ලියනගේ සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ විද්‍ය සහ තාක්ෂණ පිළිබඳ ජාතික විශ්ව විද්‍යාල පිලට ඕවර 8.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 28 ක් පමණි.

වේගපන්දු යවන්නකුවූ ජනිත් ලියනගේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වමින් එක් නිළකුණු ඕවරයක්ද සමගින් සිය ඕවර 4 ලකුණු 6 කට සිමාකරමින් කඩුලු 7 ක් දවාගැනීමට සමත්විය. කොෂාන් ධනුෂ්ක ලකුණු 01 කට කඩුලු 2 ක් දවාගත්තේය.

මේ වනවිට තරග 4 කට සහභාගිවී ඇති ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් පිල තරග 4 කට සහභාගීවී ඉන් තරග 3 ක් ජයගෙන ඇත. ඒ අනුව ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගෙන ඇති ව්‍යාපාර කළමණාකරන පාසල් පිල ලකුණු ලබාගැනීමේ වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත.

ව්‍යාපාර කළමණාකරන පාසල් පිල හෙට (27 වැනිදා) මූලික වටයේ අවසන් තරගයට පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලය සමගින් තරග වැදීමට නියමිතව ඇත.

තවත් තරග 2 ක් අද එන්.සී.සී. සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණ වලදී පැවැති අතර එහිදී එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි හැරියට් වොට් විශ්ව විද්‍යාලය කඩුලු 3 කින් පරාජය කිරීමට ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලය සමත්වූ අතර බංග්ලාදේශයේ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාලය ලකුණු 49 කින් පරාජය කිරීමට පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලය සමත්විය.


ශ්‍රී ලංකාව- ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 179
(මාලින්ද මදුරංග 39, හෂාන් දුමිඳු 25, ජනිත් ලියනගේ 66, තවන්ඩා චරුම්බිරා 19/3, අනේලේ න්වෙන්යා 27/2)

සිම්බාබ්වේ - ඕවර 8.5 කදී සියලුදෙනා දැවී ලකුණු 28
(ජනිත් ලියනගේ 06/7, කොෂාන් ධනුෂ්ක 01/2)

 


ඉන්දියාවට කඩුලු 3 ක ජයක්
එක්සත් අරාබී එමීර් රාජ්‍යය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 139
(ඉමාඞ් මුෂ්ටාක් 29, මෙහෙදි අසාරියා 30, සයිඞ් ෆයිසාන් 27, ශුභාම් තයිස්වාල් 17/2, දිව්‍යාංග් හිංගේකාර් 21/2)

ඉන්දියාව - ඕවර 18.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 144
(ශූභාම් නාගවේඞ් 22, ඕම්කාර් ඛට්පේ 28, මොහෙදි අසාරියා 22/5)


පාකිස්තානයට ලකුණු 49 ක ජයක්
පාකිස්තානය - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(ශසාර් හසන් 32, කූරාම් ශසාඞ් 58, අරිෆුල් රහ්මන් 28/3, රහී හසන් 36/3)

බංග්ලාදේශය - ඕවර 17.5 කදී සියලුදෙනා දැවී ලකුණු 107
(ඉන්සමාම් උල් හක් 25, ශබාබ් ජමිල් 23, මුහම්මද් අසාද් 10/3, කූරාම් ශසාඞ් 12/2, මොහොමඞ් අලී 20/2)

 


අදහස් (0)

ජනිත් බී.එම්.එස්. පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.