Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුළට පළමු ඉනිමේ ජයක්

ගුරුකුළට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කැළණිය ගුරුකුළ විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (11 වැනිදා) අවසන්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගුරුකුළ විද්‍යාලයේ රෂ්මික මෙවන් ඉනිම දෙකේදීම අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ප්‍රවීන් නිමේෂ් ද අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය.

ගුරුකුළ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 78.1 කදී සියලුදෙනා දැවී ලකුණු 298
(ප්‍රවීන් නිමේෂ් 65, රෂ්මික මෙවන් 54, කෙමිර නයනතර 53, සසිත අශාන් 28, ශානක ඉෂාර 27, සඳුනිල් සංකල්ප 58/3, රවිශ්ක විජේසිරි 78/3)

ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43.5 කදී සියලුදෙනා දැවී ලකුණු 103
(රවිශ්ක විජේසිරි 40, පසිඳු ප්‍රමුදිත 30, ලික්ෂාන් සසංක නොදැවී 22, සචින්ත චමත් 13/3, ප්‍රවින් නිමේෂ් 15/2)

ගුරුකුළ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 60 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 281
(රශ්මික මෙවන් 51, දිලිප් චාමර 45, නුවන් චානක 33, සිතිජ චමෝද් නොදැවී 31, සසිත් හෂාන් නොදැවී 22, ප්‍රවීන් නිමේෂ් 25, නෙතුල් රාජපක්ෂ 08/3, රවිශ්ක විජේසිරි 88/2)


අදහස් (0)

ගුරුකුළට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.