අන්තර් පළාත් වයස 23 න් පහළ තෙදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අද (25 වැනිදා) අවසන්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 126 ක් පමණි.
ඊට පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 347 ක් රැස්කිරීමට සමත්විය. එහිදී දිනුක දිල්ෂාන්ගෙන් (නොදැවී 112) ශතකයක් වාර්තාවූ අතර රමින්ද විජේසූරිය (78), ධනංජය ලක්ෂාන් (59) සහ හරීන් බුද්ධිල (59) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ඊයේ සහ අද දෙදින තුළ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භ කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඕවර 130 ක් පමණ අහිමිවිය.
ලකුණු 221 ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ දඹුල්ල කණ්ඩායමට දිනය නිමාවන විට කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 149 ක් පමණි.
දඹුල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 40.2 කදී සියලුදෙනා දැවී ලකුණු 126
(ගීත් පෙරේරා 20, ධනංජය ලක්ෂාන් 23/3, හරීන් බුද්ධිල 31/3, චානුක දිල්ෂාන් 22/2)
ගාල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 70 කදී සියලුදෙනා දැවී ලකුණු 347
(දිනුක දිල්ෂාන් නොදැවී 112, රමින්ද විජේසූරිය 78, ධනංජය ලක්ෂාන් 59, හරීන් බුද්ධිල 59, ළහිරු දිල්ෂාන් 21, මිලාන් රත්නායක 78/4, දමිත් සිල්වා 64/3)
දඹුල්ල කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 149
(දමිත් පෙරේරා 26, අසිත ගිහාන් 25, මිලාන් රත්නායක 36, චානුක දිල්ශාන් 47/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.