ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ගාල්ල කණ්ඩායම ඊයේ (10) සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල සියලුදෙනා දැවී සිය පළමු ඉනිම සඳහා ලකුණු 268 ක් රැස්කිරීමට සමත්වූ අතර චානක බණ්ඩාර (79) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. හලාවත මේරියන්ස් පිලේ චතුර රංදුනු කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
පිළිතුරු ඉනිම ඇරඹූ හලාවත මේරියන්ස් පිලට සියලුදෙනා දැවී පළමු ඉනිමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 200 ක් පමණි. නිමේෂ් විමුක්ති (නොදැවී 68) සහ යශෝධ ලංකා (54) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ගයාන් සිරිසෝම ලකුණු 75 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ලකුණු 68 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ගාල්ල පිල දිනය නිමාවන විට ලකුණු 99 කට කඩුලු 5 ක් අහිමිකර ගෙන සිටියේය. චානක බණ්ඩාර (නොදැවී 54) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය.
ගාල්ල - පළමු ඉනිම - ඕවර 73.3 කදී සියලුදෙනා දැවී ලකුණු 268
(චානක බණ්ඩාර 79, අකලංක ගනේගම 45, අෂාන් මදුසංක 30, අශේන් වර්ණකුලසූරිය 28, ගයාන් සිරිසෝම 24, චතුර රංදුනු 88/6, චතුරංග ඩිල්ශාන් 61/2)
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 200
(නිමේෂ් විමුක්ති නොදැවී 68, යශෝධ ලංකා 54, කවිඳු ඉරෝෂ් 20, දසුන් සෙනවිරත්න 23, ගයාන් සිරිසෝම 75/5, අශේන් වර්ණකුලසූරිය 36/2, රජිත ප්‍රියාන් 38/2)
ගාල්ල - දෙවැනි ඉනිම - ඕවර 30.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 99
(චානක බණ්ඩාර නොදැවී 54, හර්ෂ විතාන 22, චතුරංග ඩිල්ශාන් 28/2, ඉමේෂ් විමුක්ති 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.