Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ග්ලෝබල් ලීග් තරගාවලියට කොදෙව් කණ්ඩායමක්

ග්ලෝබල් ලීග් තරගාවලියට කොදෙව් කණ්ඩායමක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මේ මස 28 වැනිදා සිටි ජූලි මස 15 වැනිදා දක්වා කැනඩාවේදී පැවැත්වෙන සමාරම්භක ග්ලෝබල් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් සහභාගි කරවීමට කොදෙව් ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 

මේ වන විට කොදෙව් ටෙස්ට් කණ්ඩායම සහ ‘ඒ’ කණ්ඩායම තරගාවලිය දෙකක සහභාගි වී සිටිම හේතුවෙන් ග්ලෝබල් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගෙන ඇත්තේ දෙවැනි පෙළ කොදෙව් කණ්ඩායමකි. 

ක්‍රීඩකයන් 14 දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකයා ලෙස ඇන්තනී බ්‍රැම්බල් කටයුතු කරන අතර ස්ටුවට් විලියම්ස් සහ රොඩි්‍රක් එස්ට්වික් එහි පුහුණුකරුවන් කණ්ඩායමේ පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති. 

ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයට තරග 22 ක් ඇතුළත්ව තිබෙන අතර තරගාවලියේ අවසන් මහ තරග ජූලි මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය. එහි සියලුම තරග කැනඩාවේ ටෙරොන්ටෝහි ‘මැපල් ලීෆ්’ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

කොදෙව් සංචිතය 
ඇන්තනී බ්‍රැම්බල් (නායක), ෆැබියන් ඇලන්, ඇලික් ඇතෑනස්, රෝලන්ඞ් කැටෝ, ජස්ටින් ග්‍රේව්ස්, ඩෙර්වල් ග්‍රීන්, කැවිම් හොජ්, බ්‍රෙන්ඩන් කිංග්, ජර්මියා ලුයස්, ඔබේඞ් මැකොයි, කාරි පෙයිරි, නිකලස් පූරන්, ෂර්ෆේන් රදර්ෆර්ඞ් සහ ශාමර් ස්ප්‍රිංගර් 

-036


අදහස් (0)

ග්ලෝබල් ලීග් තරගාවලියට කොදෙව් කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.