Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගලහිටියාව මැදි විදුහලට කඩුලු 6 ජයක්

ගලහිටියාව මැදි විදුහලට කඩුලු 6 ජයක්

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තෝලංගමුව ඩඞ්ලි සේනානායක විද්‍යාලය සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 7 වැනි ‘මැදි මහ හටන’ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජයගැනීමට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය අද (26 වැනිදා) සමත්විය.
 
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් තෝලංගමුව ඩඞ්ලි සේනානායක විද්‍යාලයට ඕවර 47 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 122 ක් පමණි.
 
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ අශේන් තිලකරත්න ලකුණු 23 කට කඩුලු 4 ක්ද බුද්ධික කමේෂ් ලකුණු 13 කට කඩුලු 3 ක් සහ නිම්සර සදූප ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගනිමින් තෝලංගමුව ඩඞ්ලි සේනානායක විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
 
ජයග්‍රහණය සදහා ලකුණු 123 ක ඉලක්කයක් හඹාගිය ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය ඕවර 32.5 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
 
සෙනේෂ් නදීශාන් ලකුණු 39 ක් රැස්කරමින් ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
 
ඩඞ්ලි සේනානායක ම.ම. විද්‍යාලය - ඕවර 47 කදී සියලුදෙනා දැවී ලකුණු 122
(අශේන් තිලකරත්න 23/4, බුද්ධික කමේෂ් 13/3, නිම්සර සදූප 16/2)
 
ගලහිටියාව ම.ම. විද්‍යාලය - ඕවර 32.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 123
(සෙනේෂ් නදීශාන් 39)

අදහස් (0)

ගලහිටියාව මැදි විදුහලට කඩුලු 6 ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.