Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කි‍්‍රස්තුදේව - ජෝශප් වාස් හොකී ශූරතා දිනති

කි‍්‍රස්තුදේව - ජෝශප් වාස් හොකී ශූරතා දිනති

ශනුක අරවින්ද - 2016 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතලේ ආදී ශාන්ත තෝමස් හොකී සංගමය සංවිධානය කළ ‘තෝමියන්ස්’ සත් සාමාජික පාසල් පිරිමි හොකී තරගාවලියේදී මාතලේ කි‍්‍රස්තුදේව විදුහල සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සම ශූරතාව හිමිකරගත්හ.  

මාතලේ එඞ්වඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අවසන් තරගයේදී නියමිත කාලයේදී දෙපිලම ගෝල ලබාගැනීමට අසමත් වූ අතර තරගයේ අතිරේක කාලයෙන් පසුවද තරගය නිලකුණු තත්ත්වයෙන් නිමා විය. එබැවින් දෙපිලට සම ශූරතාව පිරිනැමිණ.

අවසන් පුර්ව වටයේදී ක‍්‍රිස්තුදේව විදුහල විසින් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය (ගෝල 1-0) ද, ජෝශප් වාස් විදුහල විසින් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය (ගෝල 1-0) ද පරාජය කරන ලදී.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ගෝල 1-0 කින් පරදවා මාතලේ ශාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ තෙවැනි ස්ථානය ලැබුහ.

ක‍්‍රිස්තුදේව විදුහලේ ජේ.එම් බණ්ඩාර සහ ජෝශප් වාස් විදුහලේ නිමංක ෂෙරෝන් තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයෝ ලෙස සම්මාන දිනාගත්හ.

දිවයිනේ පාසල් කණ්ඩායම් 20 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියට සිලෝන් බිස්කට් සමාගමේ ‘රිට්ස්බරි’ අනුග‍්‍රහය ලැබිණ.

 


අදහස් (0)

කි‍්‍රස්තුදේව - ජෝශප් වාස් හොකී ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.