Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක‍්‍රිකට් ආයතනය පිළිතුරු දියයුත්තේ අල්ලස් කොමිසමට

ක‍්‍රිකට් ආයතනය පිළිතුරු දියයුත්තේ අල්ලස් කොමිසමට

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රිකට් ආයතනයට එරෙහිව තමන් ඉදිරිපත් කළ පැමිණිල්ලට පිළිතුරු ලබා දිය යුත්තේ අල්ලස් හෝ දූෂණ කොමිසමට බවත් ක‍්‍රිකට් ආයතනයට පිළිතුරු දීමට තමන් බැදී නැති බවත් සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කරයි.

ජනතා විමක්ති පෙරමුණ ඉදිරිපත් කළ පැමිණිල්ල පදනම් විරහිත සහ ද්වේෂ සහගත බවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

"අපට කි‍්‍රකට් ආයතනයට උත්තර දෙන්න අදාලතාවක් නෑ. ක‍්‍රිකට් ආයතනය උත්තර දෙන්න  ඕනේ අල්ලස් හෝ දූෂණ කොමිසමට ඔවුන්ට ඔප්පුකරන්න කාරණා කියෙනනවා නම් නිවැරදි කරන්න කාරණා කියෙනවානම් අල්ලස්  හෝ දූෂණ ඒකකයට යන්න. ඒකට කමක් නෑ. කි‍්‍රකට් ආයතනයට උත්තර දෙන්න අපි බැඳිලා නෑ. අපි අදාල සාක්ෂි, තොරතුරු, දත්ත සහිතව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරුණු ඉදිරිපත් කරල තියෙනවා. අල්ලස්  හෝ දූෂණ විමර්ශන කොමිසමේ වගකීම තමයි ඒ පිළිබ`දව ඉක්මනින් පරීක්ෂණයක් පවත්වන එක. කි‍්‍රකට් ආයතනයට එතනට ගිහින් කියන්න පුළුවන්  අපි මේකට අදාල නෑ කියලා. එතකොට බලාගමු මොකද වෙන්නේ කියල.” යැයි ඔහු පැවසීය.

එසේම කි‍්‍රකට් ආයතනය අල්ලස් හෝ දූෂණ පනතට අදාල නැති ආයතනයක් බවට ප‍්‍රකාශ වන වාර්තා සම්බන්ධයෙන්ද ඔහුු අසහස් දැක්වීය.

"කි‍්‍රකට් ආයතනය කියනවා නම් එය අල්ලස් හෝ දූෂණ පනතට අදාල නෑ කියලා ඒකෙන්ම පේනවා හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා කියලා. ඒකෙන්ම ඔප්පු වෙනවා අපි ඉදිරිපත් කරල තියෙන චෝදනාවලට කි‍්‍රකට් ආයතනය අදාලයි කියලා. මම නෙවෙයි හොරකම් කළේ කියනවා වගේ කතාවක්. එයින්ම අදාලතාව ඔප්පු වෙනවා. අල්ලස් හෝ දූෂණ පනතට අනුව පෞද්ගලික කෙනෙක් වුණත් රජයේ කෙනෙක් වුණත් අල්ලසක් ගත්තොත් දූෂණයක් සිදු කළොත් එය අදාලයි. එතකොට කි‍්‍රකට් ආයතනය ලංකාවේ තියෙන එකක් නෙවෙයිද අදාල නොවන්නේ.

කි‍්‍රකට් ආයතනයේ තව පාර්ශවයක් කියනවා මේක අදාලයි කියලා. ඒක තුළම තියෙනවා කි‍්‍රකට් ආයතනයේ යම් පිරිසක් වංචා දූෂණ වලට සම්බන්ධයි ඒක වහන්න කටයුතු කරනවා කියලා. හදුන්නෙත්ති කියන දේ සාවද්‍යයි කියලා කි‍්‍රකට් ආයතනය කියන්න  ඕනෙ මාධ්‍යයට නෙවෙයි අල්ලස් හෝ දූෂණ කොමිසමටයි. එතකොට අපි කියන්නම් අපි කියපු දේවල් කොයිතරම් අදාලද කියලා.” යැයි ඔහු තවදුරටත් පැවසීය.


අදහස් (0)

ක‍්‍රිකට් ආයතනය පිළිතුරු දියයුත්තේ අල්ලස් කොමිසමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.