ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ක‍්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදුවූයේ යැයි පවසන ලද වංචා දූෂණ, කි‍්‍රකට් ආයතනයේ ලේකම්වරයාට හා විධායක කමිටුවට එල්ල කරන චෝදනා බවටත් පදනම් විරහිත බවටත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව අනුමත කළැයි, ක‍්‍රිකට් ආයතනය පෙරේදා (10 වැනිදා) නිකුත් කළ නිවේදනය නිවැරදි කර තව නිවේදනයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු සාමාජියින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගෙන් ඊයේ (11 වැනිදා) ඉල්ලා ඇත.
පෙරේදා පැවැති විධායක රැස්වීමේදී තීරණය කළේ එල්ලවී ඇති චෝදනා වලට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නීති නිලධාරියාගෙන් පිළිතුරක් ලබාගෙන එය විධායක කමිටුවේ අනුමැතියට යොමු කිරීමෙන් අනතුරුව මාධ්‍ය නිවේදනවයක් නිකුත් කිරීමට බව විධායක කමිටු සභිකයෙකු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිට යොමුකළ ලිපියේ සඳහන් කර ඇත. එසේම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම්ට, හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයාට, හා ක‍්‍රීකට් අතුරුපාලක කමිටුවට එරෙහිව හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා අලලස් හා දූෂණ විමර්ශන එ්කකයට කළ පැමිණිල්ල පදනම් විරහිතව සහ ද්වේෂ සහගතව කළ පැමිණිල්ලක් ලෙස විධායක කමිටුව තීරණය නොකළ බව එම ලිපියේ තව දුරටත් සඳහන් වෙයි.
එවැනි තත්ත්වයක් තිබියදී මන්ත‍්‍රීවරයා සඳහන් කළ චෝදනා පදනම් විරහිත සහ ද්වේෂ සහගත චෝදනා වූ බවට නිවේදනයක් නිකුත් කිරීටමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු කළේ කාගේ අනුමැතියකට අනුවදැයි එම සභිකයා ප‍්‍රශ්න කර ඇත.
එසේම හඳුන්නෙතිති මහතා ගොනු කළ පැමිණිල්ලේ අංක 3, 4, 5, 6, 9, 11, 12, 13, 14, 15, 17, 18, 19, 20, 21, 22, 23, 24 හා 26, යන පැමිණිලි ක‍්‍රිකට් ආයතනයේ ලේකම් වරයාට එල්ල කර තිබෙන හෙයින් ඒ සඳහා පිළිතුරු දිය හැක්කේ ඔහුට පමණක් බවත් එවැනි තත්ත්වයක් යටතේ අදාල චෝදනා පදනම් විරහිත බවට සඳහන් කරමින් විධායක කමිටුවට පුවත්පත් නිවේදනයක් නිකුත්කළ හැකිදැයි යනුවෙන්ද එම සභිකයා සභාපතිවරයාගෙන් ප‍්‍රශ්න කර ඇත.
මේ අතර නිීති උපදේශ කමිටුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ මෙම ආයතනය වංචා විමර්ශන පනතට අයත් ආයතනයක් නොවන බවයි.
එසේම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ලවා අදාල කරුණු නිවැරැුදි කර නිවේදනයක් නිකුත් කර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන විධායක කමිටුවේ කීර්තිනාමයට විය හැකි හානිය වලක්වන ලෙසත් එම සභිකයා සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.