අන්තර් පළාත් වයස 23 න් පහළ තෙදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට කොළඹ කණ්ඩායම අද (25) සමත්විය.
මහනුවර කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 255 රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 224 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 31 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ මහනුවර කණ්ඩායම ලකුණු 184 කට සීමාකිරීමට කොළඹ කණ්ඩායමේ පන්දුයවන්නෝ සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම දෙවැනි ඉනිමේදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකිරීමට ඔවුන් සමත්වූහ.
මහනුවර කණ්ඩායම වෙනුවෙන් මාධව නිමේෂ් (92) අර්ධ ශතකයක් ලබාගත් අතර කොළඹ කණ්ඩායම වෙනුවෙන් අයන සිරිවර්ධන (95), අකීල් ඉන්හාම් (නොදැවී 84), හිමාෂ ලියනගේ (65) සහ යෙසිත් උපමාන් (නොදැවී 54) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ලක්ෂාන් ප්‍රනාන්දු කඩුලු 7 ක් කෞමාල් නානායක්කාර ඉනිම දෙකෙහිදීම කඩුලු 7 ක් දවාගනිමින් මහනුවර කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මහනුවර කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 71.5 කදී සියලුදෙනා දැවී ලකුණු 255
(මාධව නිමේෂ් 92, ඩිලාන් ජයලත් 46, ක්‍රීෂාන් සංජුල 46, කෞමාල් නානායක්කාර 67/5, සවිඳු පිරීස් 48/3, ශෙහාන් සඳරුවන් 52/2)
කොළඹ කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 66 කදී සියලුදෙනා දැවී ලකුණු 224
(අයන සිරිවර්ධන 95, මාලිංග අමරසිංහ 26, හිමාෂ ලියනගේ 22, නිම්සර අත්තරගල්ල 49/3, නිමේෂ් මෙන්ඩිස් 43/2, ටිරෝන් සිවකුමාර් 47/2, තිසරු දිල්ෂාන් 49/2)
මහනුවර කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 52 කදී සියලුදෙනා දැවී ලකුණු 184
(යූ.පරාක්‍රම 38, තිසරු දිල්ශාන් 34, තනුක දාබරේ 32, ඩිලාන් ජයලත් 27, ලක්ෂාන් ප්‍රනාන්දු 50/7, කෞමාල් නානායක්කාර 41/2)
කොළඹ කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 55.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 216
(අකීල් ඉන්හාම් නොදැවී 84, හිමාෂ ලියනගේ 65, යෙසිත් උපමාන් නොදැවී 54, තනුක දාබරේ 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.