“ෆෙයාර් ඇන්ඞ් ලව්ලි මෙන්” අභියෝගතා කුසලාන සඳහා පැවැත්වෙන වෙළඳ සේවා ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී කැන්රිච් ෆිනෑන්ස් ‘බී’ කණ්ඩායම සමගින් තරග වැදීමට ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම අද (16) සුදුසුකම් ලබාගත්තේය. අවසන් තරගය අනිද්දා (18 වැනිදා) වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි කඩයිම් තරගයේදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට ආරාධන කළ අතර ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 213 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
සවන් ප්‍රභාෂ් (59) අර්ධ ශතකයක් ලබාගනිමින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සචිත ජයතිලක, මාලිංග අමරසිංහ සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවාගනිමින් ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹාගිය ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම ඕවර 47.3 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය් පසුකිරීමට සමත්විය. රවිඳු කොඩිතුවක්කු (76) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර රොස්කෝ තටිල් නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
හැටන් නැෂනල් බැංකුව - ඕවර 50 කදී සියලුදෙනා දැවී ලකුණු 213
(සවන් ප්‍රභාෂ් 59, මාධව වර්ණපුර 32, දමිත හුණුකුඹුර 30, දේශාන් ඩයස් 27, සචිත ජයතිලක 23/2, මාලිංග අමරසිංහ 28/2, තරිඳු රත්නායක 44/2)
ජෝන් කීල්ස් ‘බී’ - ඕවර 47.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 214
(රවිඳු කොඩිතුවක්කු 76, රොස්කෝ තටිල් නොදැවී 48, මාලිංග අමරසිංහ 40, විමුක්ති පෙරේරා 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.