Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාලිංග මීටර් 400 අවසන් තරගයට

කාලිංග මීටර් 400 අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ අද (25 වැනිදා) සමත් විය. ඔහු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එම ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී තත්පර 46.21 ක කාලයක් වාර්තා කරමිනි.

එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගි වූ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වන අරුණ දර්ෂණට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ අතර එහිදි ඔහු වාර්තා කළ කාලය තත්පර 46.53 කි.
 
මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගි වූ ක්‍රීඩකයන් 24 දෙනාගේ තරග නිමි කාලයන්ට අනුව කාලිංග 8 වැනි ස්ථානයටද, අරුණ 10 වැනි ස්ථානයටද පත්වූහ.   


-036

 


අදහස් (0)

කාලිංග මීටර් 400 අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.