ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්රීඩා උළෙලේ 3×3 පැසිපන්දු කාන්තා ඉසව්වේ අද (25 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ලකුණු 15-12 ක් ලෙස සිරියාව පරාජය කිරීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත් වූහ. එම තරගයේදී ශ්රී ලංකාව වෙනුවෙන් ඉමාෂා තත්සරණි ලකුණු 6 ක්ද, රෂ්මි ටානියා ලකුණු 5 ක්ද, ෆාතිමා ලුබාන් ලකුණු 4 ක්ද බැගින් ලබාගත්හ.
කෙසේ වුවත් අද කොරියාවට එරෙහිව පැවැති තවත් තරගයකදී ලකුණු 21-8 ක් ලෙස ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත් විය. ඒ අනුව ‘ඩී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම එහිදී සහභාගි වූ තරග තුනෙන් එක් තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජයට පත්වී එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.