Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා සංකීර්ණ 3 ක් ජාතික සංගම් වලට

ක්‍රීඩා සංකීර්ණ 3 ක් ජාතික සංගම් වලට

editorial - 2021 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පාලනයේ දැනට පවතින ක්‍රීඩා සංකීර්ණ තුනක් ජාතික ක්‍රීඩා සංගම් වෙත පවරාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැරසේ.

ඒ අනුව මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයටද අත්තනගල්ල ක්‍රීඩා සංකීර්ණය ශ්‍රී ලංකා කබඩි සම්මේලනයටද බණ්ඩාරගම ක්‍රීඩා සංකීර්ණය ශ්‍රී ලංකා මේස පන්දු සංගමයටද ලබාගැනීම සඳහා මේ වනවිට ඉදිරිපත්ව තිබෙන ඉල්ලීම් සළකා බලමින් සිටින බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

ජාත්‍යන්තර පදක්කම් හා ජයග්‍රහන හිමි කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව වඩාත් විශ්වාසය තබා තිබෙන ක්‍රීඩා ඉසව්වන්හි යටිතල පහසුකම් නැංවීම සඳහා වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම ක්‍රීඩා සංකීර්ණ අදාළ ජාතික ක්‍රීඩා සංගම් වෙත පැවරීම සිදු කෙරේ. එහි ආරම්භය ලෙස ගාල්ල, දඩල්ල ඉදිකර තිබෙන දකුණු පළාත් ක්‍රීඩා සංකීර්ණය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට ඉදිරි අවුරැදු 30ක කාලයක් සඳහා පැවරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය.

බණ්ඩාරගම ක්‍රීඩා සංකීර්ණය මීට ඉහත අවස්ථාවකදී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයට පවරාදී තිබුණද ප්‍රායෝගිකව පැන නැගුණු දුෂ්කරතා කීපයක් හේතුවෙන් එය දැල්පන්දු සම්මේලනය නැවත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට බාරදුන් බවද වාර්තාවේ. කෙසේ වුවත් දැල්පන්දු සම්මේලනය ඇතුළුව තවත් ජාතික ක්‍රීඩා සංගම් කීපයක්ම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ස්ථිර ක්‍රීඩාංගන පහසුකම් ඉල්ලා ඇතැයි ද වැඩිදුරටත් වාර්තාවේ.

වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා දේශීය යටිතලපහසුකම්  නැංවීමේ වැඩසටහන යටතේ මේ වනවිට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ජාතික රැපියල් කෝටි 50ක  ප්‍රතිපාදන වෙන්කර තිබේ.

 


අදහස් (0)

ක්‍රීඩා සංකීර්ණ 3 ක් ජාතික සංගම් වලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.