ආදි වෙස්ලි කී‍්‍රඩා සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘මංචි’ සය සාමාජික කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කළුතර විද්‍යාලය අද (5 වැනිදා) සමත්විය.
පළමු වටයේ තරග වලදී හලාවත ජෝශප් වාස් විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කළ ඔවුහු, අර්ධ අවසන් පූර්ව වටයේදී මොරටුව වේල්ස් කුමර විදුහලත්, අවසන් පූර්ව වටයේදී ගාල්ල රිච්මන්ඞ් විදුහලත් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
දක්ෂ ලෙස කී‍්‍රඩා කළ රිච්මන්ඞ් විදුහල පිට පිටම සිව්වැනි වසරටත් තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණියත්, එහිදී කළුතර විද්‍යාලය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන්ට අවසන් මහ තරගයට පිවිසීමේ බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවිය.
ලකුණු 55 ක ඉලක්කයක් හඹා ගිය රිච්මන්ඞ් පිල අවසන් ඕවරයේදී ලබාගත යුතුව තිබුණේ ලකුණු 13 ක් පමණක් වුවද ඒ වන විට කී‍්‍රඩාංගණයේ පැවැති දැඩි අඳුර නිසා ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 7 ක් පමණි.
කණ්ඩායම් 28 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ ඉහළ කොටසේ තරග අදින් අවසන් වූ අතර දෙවැනි කොටසේ තරග සහ අවසන් මහ තරගය හෙට (6 වැනිදා) කොළඹ වෙස්ලි විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පළමු වටයේ පළමු දිනයේ තරග ප‍්‍රතිඵල
පළමු අර්ධ අවසන් පූර්ව තරගය
කළුතර විද්‍යාලය (69/4) විසින් වේල්ස් කුමර විදුහල (57/3) ලකුණු 12 කින් පරාජය කරන ලදී.
දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය
රිච්මන්ඞ් විදුහල (54/3) විසින් ශාන්ත පීතර විදුහල (40/4) ලකුණු 14 කින් පරාජය කරන ලදී.
පළමු අවසන් පූර්ව තරගය
කළුතර විද්‍යාලය (54/5) විසින් රිච්මන්ඞ් විදුහල (48/2) ලකුණු 6 කින් පරාජය කරන ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.