Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කළුතර නාගරික ක‍්‍රීඩා සමාජයේ සභාපති දීපාල්

කළුතර නාගරික ක‍්‍රීඩා සමාජයේ සභාපති දීපාල්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර නාගරික ක‍්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස දීපාල් වී. පෙරේරා මහතා යළිත් පත්විය.

කළුතර නාගරික ක‍්‍රීඩා සමාජ ශාලාවේදී පසුගියදා පැවැති වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණයේදී (2016/17) ලේකම්වරයා වශයෙන් වසන්ත ආරියවික‍්‍රම මහතා පත්විය.

ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයක් ලෙස ප‍්‍රචලිත කළුතර නාගරික ක‍්‍රීඩා සමාජය ආරම්භ වී ඇත්තේ 1888 වසරේදීය. මෙම වසරේදී එම සමාජය සමරන්නේ 127 වැනි සංවත්සරයි. 1938 වසරේ පැවැති අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලියේදී කළුතර නාගරික කී‍්‍රඩා සමාජය ‘ඬේලි නිවුස්’ කුසලානය දිනා ගැනීමට ද සමත්ව ඇත.

 

 


නව නිලධාරී මඩුල්ල:

සභාපති: දීපාල් වී. පෙරේරා මහතා, ලේකම්: වසන්ත ආරියවික‍්‍රම මහතා,
උප සභාපතිවරු: කොලින් සිල්වා, ඩික්සන් පුංචිහේවා, පින්සිත් පෙරේරා මහත්වරු, භාණ්ඩාගාරික: ගයා ගුණතිලක මහතා, උප ලේකම්: පර්සි අබේසේකර මහතා, සමාජ කටයුතු ලේකම්: රවින්ද්‍ර විතානගේ, ක‍්‍රීඩා ලේකම්: දිලිප් චමින්ද, කමිටු සාමාජිකයෝ: රනිල් ඉන්දික, අනුර විජේසේකර, දයාල් උඩවත්ත, කිංසුල ලියනගේ සහ ප‍්‍රසන්න ජයසේන


- 090

 


අදහස් (0)

කළුතර නාගරික ක‍්‍රීඩා සමාජයේ සභාපති දීපාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.