රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් පිලට එරෙහිව ලකුණු 62 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල පිල අද (27 වැනිදා) සමත්විය. මෙම තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 204 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
වේගවත් පිතිහරඹයක නිරතවූ ශසාර් හසන් සහ අර්සලන් ෆර්සාන්ඞ් අර්ධ ශතක රැස්කරමින් කරච්චි විශ්ව විද්‍යාලීය පිල ලකුණු 200 සිමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
ශසාර් හසන් පන්දු 38 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 76 ක් රැස්කළ අතර අර්සලන් ෆර්සාන්ඞ් පන්දු 41 කදි හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 56 ක් රැස්කළේය.
ශසාර් හසන් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 41 කදී ලකුණු 71 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අර්සලන් ෆර්සාන්ඞ් තෙවැනි කඩුල්ල සඳහා කුරාම් ශසාඞ් සමගින් එක්ව පන්දු 27 කදී තවත් ලකුණු 64 ක සම්බන්ධතාවයක් පැවැත්වීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් පිලට ඕවර 19.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.
හුදකලා සටනක නිරතවූ හෂාන් දුමිඳු හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් පන්දු 55 කදී ලකුණු 76 ක් රැස්කළද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ව්‍යාපාර කළමණාකරන පාසල් පිල පරාජයට පත්විය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ මුහම්මද් අසාද් නිලකුණු ඕවරයක් සමගින් සිය ඕවර 4 ලකුණු 11 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.
මූලික වටයේ තරග අදින් අවසන්වූ අතර ප්‍රසාද ලකුණු 10 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලය අවසන් තරගයට කෙලින්ම සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ප්‍රසාද ලකුණු 8 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වූ පාකිස්තානයේ කරච්චී විශ්ව විද්‍යාලයත්, ප්‍රසාද ලකුණු 6 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසලත් අතර පැවැත්වෙන කඩයිම් තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගනු ඇත.
කඩයිම් තරගය හෙට (28 වැනිදා) සහ අවසන් මහා තරගය අනිද්දා (29 වැනිදා) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තවත් තරග 2 ක් එස්.එස්.සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණ වලදී අද පැවැති අතර එහිදී එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි හැරියට් වොට් විශ්ව විද්‍යාලයට එරෙහිව ලකුණු 26 ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශයේ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාලයත්, සිම්බාබ්වේ විද්‍ය සහ තාක්ෂණ පිළිබඳ ජාතික විශ්ව විද්‍යාලයට එරෙහිව ලකුණු 136 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලයත් සමත්විය.
ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලයේ ශුභාම් නාගවේඞ් පන්දු 67 කදී හයේ පහර 15 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 133 ක් රැස්කිරීමට සමත්විය.
පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 204
(ශසාර් හසන් 76, අර්සලන් ෆර්සාන්ඞ් 56, සුපේෂල ජයතිලක 34/2)
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී 142
(හෂාන් දුමිඳු 76, පසිඳු ලක්ෂාන් 24, මුහම්මද් අසාද් 11/3, හම්සා කදීර් 20/2, මොහොමඞ් අලී 29/2)
ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාලයට ලකුණු 26 ක ජයක්
බංග්ලාදේශයේ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 129
(අංජුම් අහ්මඞ් 25, ශබාබ් ජමිල් 25, අරිෆුල් රහ්මන් 20, රාම් නාරායන් 14/4, රාහුල් බාටියා 19/3)
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි හැරියට් වොට් විශ්ව විද්‍යාලය - ඕවර 16.3 කදී සියලුදෙනා දැවී 103
(ආදිත්‍යා කොතාරී 20, මොහෙදි අසාරියා 21, මාබුබුර් රහ්මන් 18/5)
පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලයට ලකුණු 136 ක ජයක්
ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 244
(ශුභාම් නාගවේඞ් නොදැවී 133, මුර්ටාසා ශබීර් 39, රොහාන් ඩම්ලේ 50, අනේලේ න්වෙන්යා 38/2)
සිම්බාබ්වේ විද්‍ය සහ තාක්ෂණ පිළිබඳ ජාතික විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 108
(චොබේසී සිකෝලා 20, ශුබාම් ටයිස්වාල් 9/4, යෂ් නහාර් 10/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.