Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕල්කට් අභියෝග කුසලාන කි‍්‍රකට් තරග 23 දා

ඕල්කට් අභියෝග කුසලාන කි‍්‍රකට් තරග 23 දා

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයිනේ ප‍්‍රධානතම බෞද්ධ පාසල් 8 ක එකමුතුවක් වන  ඕල්කට් පාසල් වල විධායක කමිටු එකමුතුව ඔවුන්ගේ සහෝදරත්වය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා පවත්වන කර්නල් හෙන්රි ස්ටීල්  ඕල්කට් අභියෝග කුසලාන කි‍්‍රකට් තරගාවලිය මේ මස 23 වැනිදා පී. සරවනමුත්තු ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කර්නල් හෙන්රි ස්ටීල්  ඕල්කට් මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ කොළඹ ආනන්ද, කොළඹ නාලන්ද, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, ගාල්ල මහින්ද, අම්බලන්ගොඩ ධර්මාශෝක, මාතර රාහුල සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල් වල ආදි ශිෂ්‍ය කණ්ඩායම් තරගාවලිය සඳහා සහභාගී වනු ඇත.

වැඩි වැඩියෙන් ආදි සිසුවන් සහභාගී කර ගැනීමේ අරමුණින් සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියක් ලෙස පවැත්වෙන මෙම තරගාවලියේ පළමුවැන්න ඉකුත් වසරේදී පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදීම පැවැති අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායම එහි ශූරතාව දිනාගත්තේය. ආනන්ද විදුහල් කණ්ඩායම අනු ශූරයන් බවට පත්විය.

මෙම තරගාවලිය අතරතුර සහභාගී වන පාසල් වල ආදි ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට විනෝදාස්වාදය සැපයීම සඳහා විවිධ අංග රැුසක් සංවිධානය කර තිබෙන අතර අම්බලන්ගොඩ ධර්මාශෝක සහ පන්නිපිටිය ධර්මාපාල විදුහල් වල ආදි ශිෂ්‍යාවන් අතරද තරගයක් පැවැත්වීමට නියමිතය.  

සියලූම  ඕලකට් විදුහල් වල ආදි සිසු සිසුවියන්ට මෙම අවස්ථාවට සහභාගී වන මෙන් සංවිධායකයෝ ආරාධනා කර සිටිති. මෙහි සමාරම්භක උළෙල එදින පෙරවරු 8.30 ට ආරම්භ වන අතර පෙරවරු 9.00 සිට තරග පැවැත්වේ. වැඩි විස්තර වන්දන ඒකනායක (071-4747141) හෝ දිලීප වික‍්‍රමසිංහ (071-4123792) ඇමතීමෙන් ලබාගත හැක.


අදහස් (0)

ඕල්කට් අභියෝග කුසලාන කි‍්‍රකට් තරග 23 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.