අන්තර් විශ්වවිද්‍යාල එල්ලේ කාන්තා තරගාවලියේදී රජරට විශ්වවිද්‍යාලය ශූරතාව දිනාගත්තේය. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුශූරතාවය හිමි විය. මෙම තරගාවලිය ඉකුත්දා රජරට විශ්වවිද්‍යාල කී‍්‍රඩාංගනයේ පැවත්විණ.
විශ්වවිද්‍යාල 12 ක සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේ සත්කාරක දායකත්වය සැපයූවේ රජරට විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි.
අවසන් පූර්ව වටය සඳහා මොරටුව, ශී‍්‍ර ජයවර්ධනපුර, රජරට හා රුහුණ යන විශ්වවිද්‍යාල තේරුණ අතර අවසන් තරගයේදී ලකුණු 3 : 2 ක් ලෙස ශී‍්‍ර ජයවර්ධනපුර පිල පරාජය කරමින් තියුණු ජයක් වාර්තා කිරීමට රජරට පිල සමත් විය.
තෙවැනි ස්ථානයට තරග වැදුනු මොරටුව පිල හා රුහුණ පිල අතරවූ තරගයෙන් 2:1 ක් ලෙස රුහුණ ජය වාර්තා කළේය.
ශූරතාව දිනාගත් රජරට විශ්වවිද්‍යාලයීය කාන්තා එල්ලේ කණ්ඩායම
අනුශූරතාව දිනාගත් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කාන්තා එල්ලේ කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.