එංගලන්තයේ දෙවැනි එළිසබෙත් මහරැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරුගේ අවමංගල්‍යයට පෙර බ්‍රිතාන්‍ය ක්‍රීඩා පිටිය, එක් එක් ක්‍රීඩාවට අදාළ නිශ්චිත කාලසීමාවන් සඳහා නිසසල විය. එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කළේ අද (සෙනසුරාදා) පැවැත්වෙන සියලුම ප්‍රාන්ත ක්‍රිකට් තරග (9 ක්) අවමංගලෝත්සවය පැවැත්වෙන කාලයේදී, එනම් පැයකුත් විනාඩි 20 ක කාලයක්, අත්හිටුවා තබන බවයි. වෙස්ට්හැම් පිල සහ නිව්කාසල් කණ්ඩායම් අතර පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු ලීග් තරඟයට පෙර සහ මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විණ.
එඩින්බරෝහි ආදිපාදවරයා හෙවත් පිලිප් කුමරු, අප්‍රියෙල් 9 වන දින මෙලොව හැර ගියේය. ඔහු මිය යන විට 99 හැවිරිදි වියේ පසුවූයේය.
රාජකීය අවමංගලෝත්සවය ග්‍රිනිජ් මධ්‍යම වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබිණ. එම වේලාව මඟහැරීම සඳහා බොහෝ ක්‍රීඩා තරග ආරම්භ වීමට තිබූ වේලාවන් වෙනස් කෙරිණ. එහෙත් වෙස්ට්හැම් පිල සහ නිව්කාසල් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය නියමිත වේලාවටම, එනම් ග්‍රිනිජ් වේලාවෙන් පෙරවරු 11.00 ට ආරම්භ වූයේ දෙපිලේම ක්‍රීඩකයන් විසින් විනාඩි 2 ක නිහඬතාවක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.
මෙම වේලාවේදී පිලිප් කුමරුන්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් ක්‍රීඩාංගණ ලකුණු පුවරුවේ ප්‍රදර්ශනය කෙරිණ. ග්‍රිනිජ් වේලාවෙන් පෙරවරු 11.30 ට ආරම්භ වූ අනෙක් පාපන්දු තරග හතේදීත් එම ක්‍රියා පටිපාටියම අනුගමනය කෙරිණ.
එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග වලදී මෙන්ම අනෙකුත් ක්‍රීඩා තරග වලදීත් මෙම ක්‍රියාපිළිවෙතම අනුගමනය කෙරිණ.
අද ස්කොට්ලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ පාපන්දු තරග කිහිපයක් හෙටට (ඉරිදා) කල්දමන ලදි. ස්කොට්ලන්තයේදී අද පැවැත්වීමට නියමිත තුරඟ තරග කිහිපයක්ද හෙටට කල්දමන ලදි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.