එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ ඕල්ඞ් ට‍්‍රැෆඞ් කී‍්‍රඩාංගණයේදී අද (7 වැනිදා* ආරම්භවූ සිව්වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය සඳහා කී‍්‍රඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටියේය.
දිනය නිමා වන විට ජෝ රූට් (නොදැවී 48) සහ ජොස් බට්ලර් (නොදැවී 22) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් කඩුල්ලේ රැදීසිටියහ.
එංගලන්ත ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූ ඉයන් බෙල් ලකුණු 58 ක් රැුස්කළේ හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගිනි.
ඉන්දීය වේග පන්දුයවන්නන් වන බුවනේෂ්වර් කුමාර් සහ වරුන් ඒරන් කඩුලූ 3 බැගින් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 152 ක් පමණි.
ඉන්දියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 152
(අජන්ක්‍යා රහනේ 24, මහේන්ද්‍ර සිං දෝනි 71, රවිචන්ද්‍රන් අෂ්වින් 40, ස්ටුවර්ට් බෝඞ් 25/6, ජේම්ස් ඇන්ඩර්සන් 46/3)
එංගලන්ත පළමු ඉනිම - කඩුලූ 6 ක් දැවී 237
(ඇලෙස්ටෙයාර් කුක් 17, ගැරී බැලන්ස් 37, ඉයන් බෙල් 58, ජෝ රූට් නොදැවී 48, ජොස් බට්ලර් නොදැවී 22, බුවනේෂ්වර් කුමාර් 47/3, වරුන් ඒරන් 48/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.