මහීපාල හේරත් අභියෝග ශූරතා සමස්ත ලංකා මේසපන්දු තරගාවලියේ වයස අවුරුදු 18 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ දෙකේම බාලක ශූරතාවන් දිනාගත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.
වයස අවුරුදු 18 න් පහළ බාලිකා ශූරතාව දිනාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එරන්දි වරුෂවිතාන එහි දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූවාය.
දිවයිනේ පාසල් 80 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක, කී‍්‍රඩිකාවෝ 400 ක් පමණ මෙම තරගාවලියට සහභාගීවූහ. තරගාවලිය රත්නපුර නව නගර ගෘහස්ථ කීඩාංගණයේදී පසුගියදා පැවතිවිණ.
සමස්ත ලංකා මේසපන්දු සම්මේලනය, කෑගල්ල සහ රත්නපුර යන දිස්ති‍්‍රක්ක වල මේස පන්දු සංවිධාන එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹින් පිටතදී පැවැත්වූ ප‍්‍රථම අවස්ථාව මෙය වේ.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය, සමස්ත ලංකා මේසපන්දු සංගමයේ සභාපති මහීපාල හේරත්, උප සභාපති කනක හේරත්, ලේකම් චන්දන පෙරේරා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
තරග ප‍්‍රතිඵල
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.