Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉහළම කි‍්‍රකට් නිලධාරියෙක් දොට්ට ?

ඉහළම කි‍්‍රකට් නිලධාරියෙක් දොට්ට ?

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියකු දින පහක් ඇතුළත තනතුරෙන් ඉවත් කරන ලෙස කී‍්‍රඩාවේ තවත් ප‍්‍රබලයකුට ඉහළම තැනකින් උපදෙස් ලැබී ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.

අදාල නිලධාරියා සහ ඊට උසස් නිලධාරියා අතර ඇතිවී ඇති ගැටුම්කාරී තත්ත්වය නිසා ඉහළින් එවන් නිකුත් කර ඇති බවත් මෙම ගැටුමට මුල්වී සිටින නිලධාරීන් දෙදෙනාගෙන් පහළ නිලධාරියා සහ ක‍්‍රීඩකයන් කීප දෙනකු අතරද ගැටුමක් නිර්මාණ වී ඇති බවත් වාර්තා වේ. මෙම ගැටුම්කාරි තත්ත්වය පිළිබ`දව ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයකු මීට පෙරත් බලධාරීන් දැනුම්වත් කළ බවටද මාධ්‍ය වාර්තා පළවිය.  

ආදාල පහළ නිලධාරියා තනතුරෙන් ඉවත් නොකළ හොත් උසස් නිලධාරියා ඉල්ලා අස්වන බවට පවසා ඇති බවත් මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය සමථයකට පත් නොවුවහොත් ලබන සදුදා (18) වන විට දෙදෙනාගෙන් පහළ නිලධාරියා එම තනතුරෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් වාර්තා වේ.

048


අදහස් (2)

ඉහළම කි‍්‍රකට් නිලධාරියෙක් දොට්ට ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.