Last Update  :  2025-12-14 21:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉෂාන් - ඇන්තනි ගෝල ත්‍රිත්ව ලබති

ඉෂාන් - ඇන්තනි ගෝල ත්‍රිත්ව ලබති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය යටතේ අද (21 දා) කොළඹ පැවැති තරග 2කදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කවිඳු ඉෂාන් සහ වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායමේ ඇන්තනි අරින්ෂ් ගෝල ත්‍රිත්ව වාර්තා කිරීමට සමත් වූහ.

කවිඳු ඉෂාන් බැද්දෙගාන පාපන්දු සංකීර්ණයේ පැවැති තරගයකදී අප්කන්ටි්‍ර ලයන්ස් කණ්ඩායමට එරෙහිවද, ඇන්තනි අරින්ෂ් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී අදාල ගෝල ත්‍රිත්ව වාර්තා කළහ. එම තරග දෙකේදී ගුවන් හමුදාව ගෝල 6-1 ක ජයක්ද, නිව් යංග්ස් කණ්ඩායම ගෝල 7-0ක ජයක්ද වාර්තා කිරීමට සමත් විය.

 

තරග ප්‍රතිඵල

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අප්කන්ට්‍රි ලයන්ස් ක්‍රී.ස. පරාජය කරන ලදී. (ගෝල 6-1)
නිව්යංග්ස් ක්‍රී.ස. විසින් ශ්‍රී ලංකා පොලීසිය පරාජය කරන ලදී. (ගෝල 7-0)
සුපර්සන් ක්‍රී.ස. විසින් නිගම්බු යූත් ක්‍රී.ස. පරාජය කරන ලදි. (ගෝල 2-0)


අදහස් (0)

ඉෂාන් - ඇන්තනි ගෝල ත්‍රිත්ව ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.