Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ලන්ඩන්හි, කිංග්ස්ටන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (15) ආරම්භ වූ පස්වැනි සහ අවසන් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන එංගලන්තය පළමු ඉනිම සදහා කිසිවකු නොදැවී ලකුණු 62 ක් රැස්කර සිටියේය.
එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ඇලෙස්ටියාර් කුක් (නොදැවී 24) සහ සෑම් රොබ්න්සන් (නොදැවී 33) පන්දුවට පහර දෙමින් සිටියහ. ඉන්දීය පළමු ඉනිම ලකුණු 148 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
ඉන්දීය පිලේ පළමු කඩුලූ පහ ලකුණු 36 කට බිද වැටීමෙන් පසුව නායක මහේන්ද්‍ර සිං දෝනි සටන්කාමී ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 140 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 82 ක් රැස්කරමින් අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.
කි‍්‍රස් ජෝර්ඞ්න් සහ ක‍්‍රිස් වෝක්ස් කඩුලූ තුන බැගින් දවා ගැනීමට සමත් වූහ.
එංගලන්ත නායක ඇලෙස්ටියාර් කුක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළේය.
ඉන්දීය පිල පළමු ඉනිම ඕවර 61.1 කදී සියලූ දෙනා දැවී 148 (මුරලි විජේ 18, මහේන්ද්‍ර සිං දෝනි 82, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 13, ජේම්ස් ඇන්ඩසන් 51/2, ස්ටුවට් බ්‍රෝඞ් 27/2, කි‍්‍රස් ජෝර්ඞ්න් 32/3, ක‍්‍රිස් වෝක්ස් 30/3)
එංගලන්ත පිල පළමු ඉනිම ඕවර 19 කදී කිසිවකු නොදැවී 62 (ඇලෙස්ටියාර් කුක් නොදැවී 24, සෑම් රොබ්න්සන් නොදැවී 33)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.