ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන ‘නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන’ එක්දින තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට හිමිව තිබේ. තරගාවලිය දෙසැම්බර් මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි ‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේ තරග, අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වෙන අතර මූලික වටයේදී එම කණ්ඩායම් ‘ඒ’ සහ ‘බී’ ලෙස කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතය. කාණ්ඩ දෙකේ ශූරයන් සහ අනු ශූරයන් අතර අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර එම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.
ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ඕමානය ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර පාකිස්තානය, බංග්ලාදේශය, හොං කොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.
තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ තරග දෙසැම්බර් මස 6 වැනිදා සිට පාකිස්තානයේදීද, ‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේ තරග දෙසැම්බර් මස 7 වැනිදා සිට ශ්‍රී ලංකාවේදීද පැවැත්වේ.
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග
■ දෙසැම්බර් 7 - ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■ දෙසැම්බර් 7 - ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
■ දෙසැම්බර් 8 - ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
■ දෙසැම්බර් 8 - ඉන්දියාව සහ ඕමානය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■ දෙසැම්බර් 10 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■ දෙසැම්බර් 10 - ඇෆ්ගනිස්තානය සහ ඕමානය අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
■ දෙසැම්බර් 13 - පළමු අවසන් පූර්ව තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■ දෙසැම්බර් 13 - දෙවැනි අවසන් පූර්ව තරගය සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
■ දෙසැම්බර් 15 - අවසන් මහ තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.