Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් මහ තරග 8 දා වෙන්නප්පුවේදී

අවසන් මහ තරග 8 දා වෙන්නප්පුවේදී

Nisanka Sandeepani - 2018 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන ‘ඩයලොග්’ ජාතික දැල්පන්දු තරගාවලියේ දෙවැනි වටයේ තරග දෙසැම්බර් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා බණ්ඩාරගම ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් කණ්ඩායම් 24 ක් ඉදිරිපත්ව සිටියහ. මූලික වටයේදී කණ්ඩායම් 6 බැගින් වූ කාණ්ඩ 4 යටතේ තරග පැවැති අතර දෙවැනි වටයේදී එම කාණ්ඩවල ශූරයන් අතර ලීග් ක්‍රමයට අනුව දෙවැනි වටයේ තරග පැවැත්වේ. 

දෙවැනි වටයේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගන්නා කණ්ඩායම දෙක අතර දෙසැම්බර් 8 වැනිදා වෙන්නප්පුව, ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය. 

ඩයලොග් ආසිආටා සමාගම සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අතර තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු...


චතුරංගි ජයසූරිය (ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා), තිලකා ජිනදාස (ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණි), හර්ෂ සමරනායක (ඩයලොග් ආසිආටා සමාගමේ සන්නාම සහ මාධ්‍ය ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී), ෂියාම් මජීඞ් (ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන ආයතනික නිලධාරි), ෆයිසර් මුස්තාපා (පළාත් පාලන හා පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය), ට්‍රික්සි නානායක්කාර (ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම්), ජයන්ති සෝමසේකරම් ද සිල්වා (ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි), ඇන්ඩි්‍රයා සුගුණසේකර (ඩයලොග් ආසිආටා සමාගමේ සන්නාම කළමනාකාරිණී) සහ දර්ශිකා අබේවික්‍රම (ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ උප නායිකා)

- 036


අදහස් (0)

අවසන් මහ තරග 8 දා වෙන්නප්පුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.