Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අර්ධ අවසන් පූර්ව වටයේ ජය වත්තල - මොරටුව - කොළඹට

අර්ධ අවසන් පූර්ව වටයේ ජය වත්තල - මොරටුව - කොළඹට

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප‍්‍රවීණයන්ගේ පැසිපන්දු සංගමය සංවිධානය කරන අන්තර් සමාජ ප‍්‍රවීණයන්ගේ පැසිපන්දු තරගාවලියේ ඉකුත්දා පැවැති අවුරුදු 35 න් ඉහළ තරග වලින් ජය ලැබීමට වත්තල, නේට්ස්, මොරටුව සහ කොළඹ යන කී‍්‍රඩා සමාජ සමත්විය.

එහිදී වත්තල කී‍්‍රඩා සමාජය විසින් පොලිස් කණ්ඩායමද, නේට්ස් කී‍්‍රඩා සමාජය විසින් යුද හමුදා කණ්ඩායමද, මොරටුව කී‍්‍රඩා සමාජය විසින් ඬේවිඞ් පීරිස් කී‍්‍රඩා සමාජයද, කොළඹ  කී‍්‍රඩා සමාජය විසින් ආදි බෙන්ස් කී‍්‍රඩා සමාජයද පරාජය කරන ලදි.

ඒ අනුව අවුරුදු 35 න් ඉහළ වයස් කාණ්ඩයේ අවසන් පූර්ව වටයේදී වත්තල කී‍්‍රඩා සමාජය, නේට්ස් කී‍්‍රඩා සමාජයට එරෙහිවද, මොරටුව කී‍්‍රඩා සමාජය, කොළඹ කී‍්‍රඩා සමාජයට එරෙහිවද තරග වැදීමට නියමිතය.


අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • වත්තල කී‍්‍රඩා සමාජය විසින් ලකුණු 50-28 ක් ලෙස ලෙස නාවික හමුදා කණ්ඩායම පරාජය කරන ලදි.
  • නේට්ස් කී‍්‍රඩා සමාජය විසින් ලකුණු 57-41 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරාජය කරන ලදි.
  • මොරටුව කී‍්‍රඩා සමාජය විසින් ලකුණු 66- 42 ක් ලෙස ඬේවිඞ් පීරිස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි.
  • කොළඹ කී‍්‍රඩා සමාජය විසින් ලකුණු 66-22 ක් ලෙස ආදි බෙන්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි.


- 036


අදහස් (0)

අර්ධ අවසන් පූර්ව වටයේ ජය වත්තල - මොරටුව - කොළඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.