Last Update  :  2026-03-18 19:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අර්ධ අවසන් පූර්ව තරග සති අන්තයේ
ජනාධිපති කුසලාන රග්බි

අර්ධ අවසන් පූර්ව තරග සති අන්තයේ

editorial - 2026 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග මෙම සති අන්තයේ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී සහ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ මූලික වටයේදී ජය ලබා කොළඹ ඉසිපතන, මරදාන ශාන්ත ජෝෂප්, කොළඹ රාජකීය, ගල්කිස්ස සාන්ත තෝමස්, බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ වෙස්ලි, මරදාන සහිරා සහ මහනුවර ත්‍රිත්ව යන විදුහල් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

අර්ධ අවසන් පූර්ව වටය යටතේ සෙනසුරාදා (21 වැනිදා) පැවැත්වෙන තරගවලදී ශාන්ත පීතර විදුහලට එරෙහිව වෙස්ලි විදුහල හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදීත්, සහිරා විදුහලට එරෙහිව ත්‍රිත්ව විදුහල රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදීත් බිමට පිවිසෙනු ඇත. 

ඉසිපතන විදුහලට එරෙහිව ශාන්ත ජෝෂප් විදුහල රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදීත්, රාජකීය විදුහලට එරෙහිව සාන්ත තෝමස් විදුහල හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදීත් ඉරිදා (22 වැනිදා) තරග වදිනු ඇත. මෙම අර්ධ අවසන් පූර්ව තරග 4 ම පස්වරු 4.15 ට ආරම්භ වීමට නියමිතය. 

එම තරගවලින් ජය ලබන කණ්ඩායම් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර අවසන් පූර්ව තරග 28 සහ 29 යන දිනවලදීද, අවසන් මහ තරගය 4 වැනිදාද පැවැත්වෙනු ඇත. ඩයලොග් ආසියාටා සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. 


අර්ධ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන 

මාර්තු 21 - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී - ප.ව. 4.15 ට 

මාර්තු 21 - මරදාන සහිරා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී - ප.ව. 4.15 ට

මාර්තු 22 - කොළඹ ඉසිපතන විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී - ප.ව. 4.15 ට

මාර්තු 22 - කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී - ප.ව. 4.15 ට 


අදහස් (0)

අර්ධ අවසන් පූර්ව තරග සති අන්තයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.