ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 12 වැනි අදියර මාර්තු 23 වැනිදා සිට ඉන්දියාවේදී පැවැත්වීමට තීරණය කර ඇත.
ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයද මෙම කාලසීමාව තුල පැවැත්වීමට කටයුතු සුදානම් කෙරෙමින් පවතින බැවින් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් තරග කාල සටහන මේවන තෙක් තීරණය කර නොමැත.
මූලික වටයේ සාකච්ඡා වලින් අනතුරුව ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 12 වැනි අදියර ඉන්දියාවේදී පැවැත්වීමට තිරණය කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයන් නිකුත් කරමින් පැවසීය.
පසුගිය වසරවලදී තම කණ්ඩායම අයත් පළාතේදී තරගයකට සහභාගිවූ කණ්ඩායම් ප්‍රතිවාදී කණ්ඩායම අයත් පළාතේදීද තරගයකට සහභාගී විය. නමුත් මෙවර ඉන්දීය ප්‍රාන්ත මැතිවරණය හේතුවෙන් තරගාවලිය සුපුරුදු ආකාරයට නොපැත්වෙයි.
ප්‍රාන්ත මැතිවරණයේ දින නියමවීමෙන් අනතුරුව ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩාංගණ සහ දින තිරණය කිරීමට නියමිතව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.