Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයර්ලන්ත ‘ඒ’ පිල ලබන මස ශ්‍රී ලංකාවේ

අයර්ලන්ත ‘ඒ’ පිල ලබන මස ශ්‍රී ලංකාවේ

ශනුක අරවින්ද - 2018 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිව්දින තරග 2 කට සහ එක්දින තරග 5 කට සහභාගි වීම සඳහා අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම දෙසැම්බර් මස 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම ජනවාරි මස 2 සහ 3 යන දිනවල කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පුහුණු තරගයකට සහභාගි වන අතර දෙරට අතර පළමු පළමු සිව්දින තරගය ජනවාරි මස 6 වැනිදා සිට 9 වැනිදා දක්වා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජනවාරි මස 13 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන දෙවැනි සිව්දින තරගය මෙන්ම පළමු සහ දෙවැනි එක්දින තරගද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තෙවැනි සහ සිවුවැනි එක්දින තරග කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියට සහභාගිවන අයර්ලන්ත සහ ශ්‍රී ලංකා සංචිත ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

තරග කාලසටහන

  • ජනවාරි 2 වැනිදා සහ 3 වැනිදා - දෙදින පුහුණු තරගය - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
  • ජනවාරි 6 වැනිදා සිට 9 වැනිදා දක්වා - පළමු සිවුදින තරගය - කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
  • ජනවාරි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා - දෙවැනි සිවුදින තරගය - හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
  • ජනවාරි 19 වැනිදා - පළමු එක්දින තරගය - හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
  • ජනවාරි 21 වැනිදා - දෙවැනි එක්දින තරගය - හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
  • ජනවාරි 24 වැනිදා - තෙවැනි එක්දින තරගය - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
  • ජනවාරි 26 වැනිදා - සිවුවැනි එක්දින තරගය - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
  • ජනවාරි 29 වැනිදා - තෙවැනි එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

-036

 


අදහස් (0)

අයර්ලන්ත ‘ඒ’ පිල ලබන මස ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.