Last Update  :  2023-06-03 13:02:00 About Contact
IMG-LOGO
dailymirror.lk
නිවස්න පිටුව Latest news ශූරතා දෙකම ගුවන් හමුදාවට

ශූරතා දෙකම ගුවන් හමුදාවට

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ශූරතා සන්කුවික් කුසලාන වෙරළ වොලිබෝල් තරගමාලාවේ විවෘත කාණ්ඩයේ කාන්තා හා පිරිමි ශූරතා දෙකම ගුවන් හමුදා කණ්ඩායම් විසින් දිනා ගන්නා ලදී.

මීගමුව වෙරළ උද්‍යානයේ දී මෙම තරග මාලාව පැවැති අතර එහි දී ගිරිඋල්ල බිතුලින්ක් ක්‍රීඩා සමාජය නියෝජනය කළ කණ්ඩායම් බාලිකා ශූරතා දෙකක් දිනා ගන්නා අතර අනුශූරතාවක් ද අත්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සන්කුවික් ආයතනයේ අනුග්‍රහයෙන් මෙවර තරගමාලාව සංවිධානය කිරීමේ දී කණ්ඩායම් 200කට වැඩි ගණනක් ඉදිරිපත් වීම කැපී පෙනුණි.

 

ජාතික වෙරළ වොලිබෝල් ශූරතා තරගමාලාවේ අවසන් මහ තරග ප්‍රතිඵල

වයස 16න් පහළ

බාලක:- නාත්තන්ඩිය ජනාධිපති ‘ඒ’ කණ්ඩායම ඉම්රා පසන්ජිත් පබසර - පෙමදු සමාර විසින් නාත්තන්ඩිය ජනාධිපති ‘බී’ කණ්ඩායම (සචිත් ප්‍රමෝද් - ගෙමුද් ෂෙහාන්) පරාජය කරන ලදී. (22/20-21/12)

බාලිකා:- ගිරිඋල්ල බිතුලින්ක් කණ්ඩායම (සුලක්ෂනා පසිදුනි - පබලුෂා සත්සරණි) විසින් කන්දන්ගමුව ම.වි. කණ්ඩායම (සුමුදු කෞෂල්‍යා - සෙව්මිණි උෂාදි) පරාජය කරන ලදී. (21/07-21/08)

 

(වයස 19න් පහළ)

බාලක:- හලාවත ශාන්ත මේරි කණ්ඩායම මොහොමඩ් ජනීර් - මොහොමඩ් තස්රාන්) විසින් සීදුව දවිසමර මහ විදුහල් - ඒ කණ්ඩායම (මනුජ නිසල් - රෂ්මික ෂෙහාන්) පරාජය කරන ලදී. (21/14 – 14/21 - 15/04)

බාලිකා:- ගිරිඋල්ල බිතුලින්ක් - බී කණ්ඩායම (චතුරි පූර්ණිමා - නිෂාදි කාව්‍යයා) විසින් කිරිඳිවැල සංඝමිත්තා බාලිකා කණ්ඩායම ( මලිති කාංචනා - විෂාරා ෂමින්දි) පරාජය කරන ලදී. (21/11-21/08)

 

වයස 22න් පහළ

පිරිමි:- හුංගමුව විජයබා කණ්ඩායම (ඉසුරු සඳරුවන් - කවිෂ්ක නිර්මාල් සඳරුවන්) විසින් මීගමුව යූත් කණ්ඩායම (නිමේෂ් නිර්මාල් - දසුන් නවෝද්‍ය පෙරේරා) පරාජය කරන ලදී. (21/19-19/21-15/10)

කාන්තා:- ගිරිඋල්ල මහමේරුව ලෙයිසුර් කණ්ඩායම (නිපුණි යශෝධරා - ෂශිනි මල්ෂානි) විසින් ගිරිඋල්ල බිතුලින්ක් - ‘බී’ කණ්ඩායම (තිවංකි මධුමාලි - නෙත්මි ධනංජනි) පරාජය කරන ලදී. (21/17-21/16)

 

විවෘත කාණ්ඩය

පිරිමි:- ගුවන් හමුදා - ‘ඒ’ කණ්ඩායම (මලිත් සිල්වා - දිලීප චාමික සේනාරත්න) විසින් යුද හමුදා - ‘ඒ’ කණ්ඩායම (අන්ජන සන්දීපන -  සඳුන් මධුශංඛ) පරාජය කරන ලදී. (21/19-21/17)

කාන්තා:- ගුවන් හමුදා - ‘ඒ’ කණ්ඩායම (දිනේෂා ප්‍රසාදිනි- ජේ.ඩබ්ලිව්.පී. තුෂාරි) විසින් නාවික හමුදා ‘එ්’ කණ්ඩායම (දීපිකා බණ්ඩාර - කසුනි තාරුකා) පරාජය කරන ලදී.


අදහස් (0)

ශූරතා දෙකම ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.