Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලේ නායකත්ව විෂේන්කට

ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලේ නායකත්ව විෂේන්කට

editorial - 2024 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙම මස 28 සහ 29 යන දෙදින මැලේසියාවේදී පැවැත්වෙන වයස 18 න් පහළ අසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස 18 න් පහළ රග්බි සංචිතයේ නායකත්වය බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ විෂේන්ක සිල්වාට හිමිව තිබේ.
 
කොළඹ ඉසිපතන විදුහලේ ත්‍රිනේත්‍ර දොඩන්ගොඩ එහි උප නායකයා ලෙස කටයුතු කරයි. 
ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ශාන්ත පීතර සහ ඉසිපතන විදුහල්වලින් ක්‍රීඩකයන් තිදෙනා බැගින්ද, රාජකීය, වෙස්ලි, ත්‍රිත්ව, ධර්මරාජ, සහිරා සහ ඩී.එස්. සේනානායක විදුහල්වලින් එක් ක්‍රීඩකයා බැගින්ද ඇතුළත්ව සිටිති. 

තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුකරු ලෙස ඒ.ආර්.එස්. පෙරේරා මහතා කටයුතු කරන අතර මනුජ නිම්මාන මහතා කලමණාකරු ලෙසත්, ශෆීන් මජීඩ් මහතා භෞතචිකිත්සකවරයා ලෙසත්, ප්‍රදීප් කිරිඇල්ල මහතා වෛද්‍යවරයා ලෙසත් සංචිතය සමග එක්ව සිටිති. 


ශ්‍රී ලංකා වයස 18 න් පහළ රග්බි සංචිතය 
විෂේන්ක සිල්වා (ශාන්ත පීතර විදුහල) - නායක, ත්‍රිනේත්‍ර දොඩන්ගොඩ (ඉසිපතන විදුහල) - උප නායක, දසිස් පතිරණ (රාජකීය විදුහල), මොහොමඩ් පවාස් (වෙස්ලි විදුහල), නිමන්ත සංදීප (ඉසිපතන විදුහල), සෙනුත් දින්සර (ශාන්ත පීතර විදුහල), ශහිඩ් සුම්රි (ඉසිපතන විදුහල), ශාන් අල්තාෆ් (ත්‍රිත්ව විදුහල), නෙතුෂාන් පීරිස් (ශාන්ත පීතර විදුහල), සදීෂ වීරවංෂ (ධර්මරාජ විදුහල), ලුක්මන් හකීම් (සහිරා විදුහල) සහ තතීර පෙරේරා (ඩී.එස්. සේනානානයක විදුහල)

අතිරේක ක්‍රීඩකයන් 
කයිසර් ලී (වෙස්ලි විදුහල), සචිර නවීෂ (කිංග්ස්වුඩ් විදුහල) සහ ඉනෝෂ් සිල්වා (ශාන්ත ජෝෂප් විදුහල) 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලේ නායකත්ව විෂේන්කට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.