Last Update  :  2024-07-27 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාතර රාහුල – හාට්ලි විදුහල වාර්ෂික තරගය 16 දා මාතරදී

මාතර රාහුල – හාට්ලි විදුහල වාර්ෂික තරගය 16 දා මාතරදී

editorial - 2023 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර රාහුල විද්‍යාලය සහ පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත් වන ක්‍රිකට් තරඟය දෙසැම්බර් 16 වැනිදා පෙරවරු 10.00 මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

 මාතර රාහුල විද්‍යාලය පසිඳු  ෂිහාන් මෙහෙය වන අතර හාට්ලි විදුහල් කන්ඩායමේ නායකත්වය ජී. අභිෂානන්ද දරනු ඇත. මනිවාරන් / විජේසිරිවර්ධන  ශූරතාවය වෙනුවෙන් තරඟ වදින  තරඟාවලියේ මීට පෙර පැවති තරඟ හතරම රාහුල විදුහල ජය ගෙන ඇත.

තිලිණ ප්‍රදානය එදිනම හවස මාතර පර්ල් පැලස් උත්සව ශාලාවේදී සිදු කරන බව රාහුල ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු ද සිල්වා මහතා පැවසීය .


අදහස් (0)

මාතර රාහුල – හාට්ලි විදුහල වාර්ෂික තරගය 16 දා මාතරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.